Sunday, April 19, 2020

කොරෝනා සැක රෝගියෙක් හලාවත රෝහලෙන් පැනලා - සොයන්න මුළු ප්‍රදේශයම පීරා කරපු මෙහෙයුම

රෝහලෙන් පලා ගිය අයව ත්‍රී රෝද රථයකි රැගෙන ගිය අය සම්බන්ධයෙන්ද පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විමර්ශණයක් ආරම්භ කර ඇත

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකරන රෝගියෙකු ප්‍රතිකාර සදහා ඇතුළත් කර සිටියදී හලාවත මහා රෝහලෙන් පැන යාම නිසා ඔහු නැවත අල්ලා ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට
සහ පොලීසියට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.

පසුගිය 18 වැනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇත.

කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකරන තරුණයෙකු විමර්ශණ කටයුතු සදහා පසුගිය 18 වැනිදා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.30 හැවිරිදි ඔහුගේ මව හලාවතට ආසන්න නගරයක පදිංචිව සිටී.කොළඹ - නාගලගම් වීදිය ප්‍රදේශයේ පිරිසක් නීරෝධායන කටයුතු සදහා සෞඛ්‍ය නිලධාරීන් පිටත් කර යවන විට මෙම අයද එම ස්ථානයේ සිට පැන ගොස් ඇති අයෙකු බවට හෙලි වී ඇත.මෙම අය තදින්ම මත් කුඩු පානයට ඇබ්බැහි වී සිටි අයෙකු බවද පොලීසිය කියයි.

විමර්ශණ කටයුතු සදහා රෝහලට ඇතුළත් කර සිටි මෙම අය එක්වරම ඉන් පලා ගොස් ඇත.තම දරුවා රෝහලෙන් පැන ත්‍රී රෝද රථයක නැගී නිවස බලා පැමිනෙන බව එම අයගේ මව විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා පාළු නිවසක සැගවී සිටියදී එම අයව අල්ලා ගැනීමට සමත්වී ඇත.

රෝහලෙන් පලා ගිය අයව ත්‍රී රෝද රථයකි රැගෙන ගිය අය සම්බන්ධයෙන්ද පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විමර්ශණයක් ආරම්භ කර ඇත.රෝහලෙන් පලා ගිය අයට යම් ආකාරයකට කොරෝනා වෛසරය ආසාධනය වී ඇත්නම් ඔහු ඇසුරු කළ සෙසු අය සම්බන්ධයෙන්ද සොයා බැලීම සිදු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka