Sunday, April 19, 2020

ගස් දෙබලක හිරවෙලා ඉද්දි ලොකු ගේමක් දීලා බේරගත්ත කොටියා ප්‍රතිකාර සදහා අරන් යද්දී දුක හිතෙන සිදුවීමක් වෙලා

ගාඩ්මොර් තේ වත්තේ එලවළු වගා භුමියක වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු උගුලකට කදුකර කොටියා ( 17) දින රාත්‍රියේ හසු වි ඇත

මන්දකට හසු වි පලාවිත් ගසක දෙබලක සිර වි සිටි කදුකර කොටියෙකු වනජිවි නිලධාරින් විසින් පැය තුනක මෙහෙයුමක් සිදු කර මුදාගෙන දැඩි ලෙස තුවාල ලබා දිටි කොටියා වැඩි දුර ප්‍රතිකාර සදහා
රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර (18) දින රාත්‍රියේ මිය ගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ සවුක්ක ගසක අඩි 20 ක් පමණ ඉහලට නැග ඇති කොටියාගේ උදරය ප්‍රදේශයේ මන්ද සහිතව ගසේ දෙබලේ (18) දින අලුයම සිට සිර වි සිට ඇත.

ගාඩ්මොර් තේ වත්තේ එලවළු වගා භුමියක වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු උගුලකට කදුකර කොටියා ( 17) දින රාත්‍රියේ හසු වි ඇති අතර , පසුව කොටියා මන්ද කඩාගෙනවිත් තේ වත්තේ රැදි සිටියදි වතු කම්කරුවන් පිරිසක් කොටියාට ගල් මුගුරු වලින් පහර දෙන අවස්තාවේ ඉන් මිදිමට කොටියා තේ වත්තේ තිබු ගස මතට නැග ඇත්තේ ආරක්ෂාව උදෙසාය.

මන්ද සහිතව ගසට නැග ඇති කොටියා ගසේ දෙබලක මන්දේ කෙරවලක ගැට ගසා තිබු මුගුරක් සිර විම නිසා කදුකර කොටියා දෙබලේ සිර වි ගසින් බැසිමට උත්සහ කිරිමේදි දැඩි ලෙස තුවාල ලබා ඇත.

රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ පශු වෛද්‍යයවරුන් , නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සමග පැමිණ දැඩි උත්සහයක් දරා නිර්වින්දනය කර කොටියා ගසින් පහලට ගෙන එමෙන් අනතුරුව කොටියාගේ උදරය ප්‍රදේශයේ සිරවි තිබු මන්ද දැඩි පරිශ්‍රමයක් දරා කපා ඉවත් කර තුවාල ලබා සිටි කොටියාව ආරක්ෂිත කුඩුවක දමා වැඩි දුර ප්‍රතිකාර සදහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.

ශ්‍රි පාද රක්ෂිතයේ සැරිසැරු කදුකර කොටියා වයස අවුරුදු 4 කින් යුක්ත බවත්, කොටියා අඩි 4 කින් පමණ දිගකින් යුක්ත බවත්, මිය ගිය කොටියා දිගු වේලාවක් මන්දේ සිර වි බේරි යාමට උත්සහ කිරිම නිසා උදරය ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදු වි වකුගඩු වලට දැඩි ලෙස හානි සිදු විම හේතුවෙන් කොටියා මියගොස් ඇති බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

මිය ගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටිහ.

හැටන් රංජිත් රාජපක්ෂ           


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka