Monday, March 9, 2020

මාතලේ සිසුවෙක් හැදූ ලෝකෙ කොහේ හිටියත් අරින්න වහන්න පුළුවන් ස්මාර්ට් දොර අගුළ

දක්ෂ දරුවෙක්  ඊළඟ නිර්මාණයට දැන්ම සූදානම් වෙනවා”යි නව නිපැයුම් ඒකකය භාර ජයවර්ධන මහතා සෙනුල් අගය කළේය.
 
සීගිරි කාශ්‍යපයන්ගේ ආලකමන්දාව,  සීගිරිය පර්වතය මුදුනට ජලය ගෙන යෑම හා අහස දිග්විජය කළ මහා රාවණයන්ගේ දඬුමොනරය වැනි විස්මිත නිර්මාණ බිහි කළ එදා තාක්ෂණික ඥානයේ අපූරුව, ඉස්මතු කළ නිපැයුමක් පිළිබඳව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වාර්තා වේ. ලොවට, රටට මහා ප්‍රාඥයන් රැසක් බිහි කළ ශාන්ත තෝමසුවේ 9 වසරේ ඉගෙනුම ලබන එම්.එම්.ජී.කේ. සෙනුල් විනුක ජයවර්ධන මේ ශේ‍ර්ෂ්ඨ නිර්මාණකරුවාය.

සොර සතුරන්ගෙන් දේපොළ ආරක්ෂා කර ගැනීම සඳහා නව මෙවලමක් හ¾දුන්වා දීමට තම තාක්ෂණ
ඥානය යොදාගත් සෙනුල් විනුක ජයවර්ධන ලොව ඕනෑම තැනක සිට විවෘත කළ හැකි ස්මාර්ට් ‍ෙදාර අගුලක් නිෂ්පාදනය කර සමස්ත ලංකා රෝබෝ තාක්ෂණ තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ.   ආර්ඩිනෝ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කළ මෙම ‍ෙදාර අගුලට,  හිමිකරු නොවන අයකු අත තැබූ ක්ෂණයකින් හිමිකරු දැනුවත් කිරීම,  මෙම නව නිපැයුම සහිත ‍ෙදාර අබියසට කිසිවකු පැමිණි විගසින් ඒ බව හිමිකරුගේ ජංගම දුරකථනයට දැනුම්දීම “සෙනුල්”ගේ නව නිපැයුමේ විශේෂත්වයයි. 

සෙනුල් මාතලේ තොටගමුව අජිත් ජයවර්ධන මහතාගේ සහ ලසන්ති ගුණවර්ධන මහත්මියගේ දෙවැනි පුත්‍රයාය.  පස්දරු පවුලක දෙවැනියා වූ සෙනුල් පොතපතට මෙන්ම පාසල් අධ්‍යාපනයටද විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද එක සේ දස්කම් දක්වන දරුවකු බව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නව නිපුයම් ඒකකය භාර ආචාර්ය එම්.සී. ජයවර්ධන මහතාගේ අදහසය.  “දක්ෂ දරුවෙක්  ඊළඟ නිර්මාණයට දැන්ම සූදානම් වෙනවා”යි නව නිපැයුම් ඒකකය භාර ජයවර්ධන මහතා සෙනුල් අගය කළේය.  “මේ දරුවා හය - හත පන්තියේ සිටම නව නිපැයුම් කෙරෙහි වැඩි දක්ෂතාවක් දැක්වූවා. ඉගෙනුම් කටයුතුවලටත් දක්ෂ දරුවෙක්” ඒකකය භාර ගුරුවරයා තම ශිෂ්‍යයාගේ දක්ෂතාව අගය කළේය. 

සෙනුල්ගේ ස්මාර්ට් ‍ෙදාර අගුල කැඩීමට යම් අයකු කටයුතු කළහොත් ඒ ක්ෂණයකින් අයිතිකරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යැවීම,  සෝලාර් පවර් තාක්ෂණය ඔස්සේ විදුලිය ලබාගැනීම හා හිරු ඇති පැති සොයා විදුලිය අවශ්‍යතාව සපුරා ගැනීමට තරම් සංවේදීවීම සෙනුල්ගේ නිපැයුමේ ඇති විශිෂ්ට ලක්ෂණයන්ය. 

‍දොර විවෘත කිරීමට මුරපදයක අවශ්‍යතාව ඇති බැවින් නොදන්නා කිසිවකුටත් ‍
දොරන් ඇතුළුවීමට නොහැකි තරමින් පූර්ණ ආරක්ෂාව සහතික කර තිබීම,  බ්ලූටූත් ආධාරයෙන් ‍දොර විවෘත කිරීමේ හැකියාව,  ස්මාර්ට් ‍දොර අගුල අසලට කිසිවකු පැමිණියහොත් ආගන්තුකයාගේ රුව ඡායාරූපයට ගැනීම හා වීඩියෝපට ලබා ගැනීමට ඇති හැකියාවද මෙම විශිෂ්ට නිර්මාණය සතුය. අනාගතයේදී සොෆ්ට්ලොජික් ඉන්ජිනේරුවරයකු වීමට පෙරුම්පුරන පුංචි සෙනුල් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සමස්ත ලංකා රෝබෝ තාක්ෂණ තරගාවලියේ තම ජයග්‍රහණය උදෙසා වූ ස්වර්ණ සම්මානය ලබා ගත්තේය. 

ලොවක් මවිත කළ විශිෂ්ට සොයා ගැනීමක් කළ පුංචි සෙනුල් ජයවර්ධන ශිෂ්‍යයාට නව තාක්ෂණ නිෂ්පාදනය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබාදීමේ අවශ්‍යතාව ඇති බැවින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ඊට ඉදිරිපත්වීම නව නිර්මාණකරුවාගේ ඉදිරි ගමනට අත්වැලක් වී තිබේ.  තම ජයග්‍රහණය පිළිබඳව නිහතමානී සතුටක් ඇති බව පවසන සෙනුල් තම විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.ජී.බී. දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම ඒකකයේ,  පන්තියේ මිතුරු කැලද ආදරෙන් සිහිපත් කළේය.

පුංචි සෙනුල්ගේ අරමුණ ලොවක් දිනන්නය.  රටට වැඩදායක පුරවැසියකුවීමය.  තාක්ෂණ ඥානයෙන් ස්මාර්ට් ‍ෙදාර අගුලක් තනා ස්වර්ණ සම්මාන ගෙල පැලඳි සෙනුල්ට අරමුණ කරා යෑම අපහසු නොවන බව අපගේ හැඟීමය.  


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka