Sunday, March 15, 2020

මහජනයා ගැවසෙන උත්සව තහනම්-නිරෝධායනයට වි‍රුද්ධ වුණොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නොමැතිව අත්අංඩගුවට ගත හැක

රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත් වීමට සුදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්, උත්සව ආදිය තහනම් කිරීමට පියවර
ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර යොදා ගනිමින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සියලු ජනතාව දැනුවත් කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති ‍කොරෝනා වසංගතය ලංකාව තුළ වැළැක්වීම සඳහා 1897 අංක 3 දරණ රෝග නි‍රෝධායන හා වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත.

එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 16 වන පරිච්ජේදයේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහිව වැරදි යටතේ 262 දරණ ජීවිතයට අන්තරාදායක වු යම් රෝගයක් බෝවීම පැතිරවීමට තුඩුදෙන නොසැලකිලිමත් ක්‍රියා හා 263 වගන්තියේ සඳහන් ජීවිතයට අන්තරාදායක වු රෝගයක් බෝවීම පැතිර වීමට තුඩු දෙන ද්වේශ සහගත ක්‍රියා මෙන්ම 264 දරණ රෝග නිරෝධායන රීතියකට අකීකරු වීම යන වගන්ති යටතේ රෝග නිරෝධායන සම්බන්ධයෙන් වැරදි දක්වා ඇත.

ඒ සියලුම වැරදි සම්බන්ධව පොලිස් නිලධාරියෙකුට වරෙන්තු නොමැතිව අත්අංඩගුවට ගත හැකි වෙයි.

ඉහත වැරදි ප්‍රතිපාදන යට‍තේ යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා දීම සම්බන්ධයෙන් ඇප පනතේ ප්‍රතිපාදනවලට අදාල විය යුතු අතර එම පනතේ 6 - 1 වගන්තිය අනුව සිදු කරන වරදක් සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සාමය කඩවීමක් විය හැකි බවට අදාල ‍පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මතය වන්නේ නම් ඇප ලබා නොදී සැකකරු හෝ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ හැකියි.

එම පන‍තේ 14 වගන්තිය අනුව එම කාරණා මත මහේස්ත්‍රාත්වරයෙකු විසින් ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරිමේ හැකියාව ද පවතින බව පොලීසිය පවසයි.

තවද 1979 අංත 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 (1) වගන්තිය ප්‍රකාරව යම් සංඥය වරදක් සිදු කිරීමේ වැලැක්වීමේ කාර්ය සඳහා සෑම සාම නිලධාරියෙකු විසින්ම මැදිහත් වී ක්‍රියාකරනු ලැබිය හැකියි.

එය තමාගේ උපරිම හැකියාව යොදා වැලැක්විය යුතුයි.

ඒ අනුව යම් තැනැත්තෙක් රෝග ‍නිරෝධායනය හා වැලැක්වීමේ ආඥා පනත යටතේ ප්‍රතිපාදන ‍හෝ රෝග නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරන්නේ නම් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය සඳහන් කරයි.

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් තැනැත්තන් 10 දෙනෙකු රොහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.


under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka