වවුනියාව නෙලුකුලම ප්‍රදේශයේදී අදාළ විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබුනා
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් නිරෝධායනය කිරීම වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරක් තුළ ස්ථාපිත කිරීමට විරුද්ධව වවුනියාව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතවිණ.
වවුනියාව නෙලුකුලම ප්‍රදේශයේදී අදාළ විරෝධතා වැඩසටහන සංවිධානය කොට තිබු අතර, විරෝධතා වැඩසටහන වෙනුවෙන් වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව විදෙස්ගතව සිට පැමිණෙන පිරිස් පම්පමඩුව ප්‍රදේශයේදී කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනඒම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව විරෝධතාකරුවන් පැවසූහ.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරක් වෙත 13 වැනිදා සවස රැගෙන එනු ලැබිණ.
බස් රථ හයකින් අදාළ පිරිස වවුනියාව යුධ හමුදා කදවුරක් වෙත රැගෙන එනු ලැබු අතර, නිරෝධායනය වෙනුවෙන් අදාළ පිරිස රැගෙන ඒමත් සමඟ වවුනියාව ප්‍රදේශවාසීන් දැඩි ලෙස නොසන්සුන්වි සිටිති.
වවුනියාව ප්‍රදේශවාසීන් පවසන්නේ ජනතාව බහුල ප්‍රදේශයක් වෙත අදාළ පිරිස් කිසිදු දැනුම්දීමකින් තොරව රැගෙනවිත් දැමීම හේතුවෙන් තමන් දැඩි සෞඛ්‍ය අවධානමකට මුහුණ දී ඇති බවයි.
විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාත් හිටපු මන්ත්‍රී එස්.මයුරන් මහතා,වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභා සභාපති ටි.නඩරාජසිංහම් මහතා, ප්‍රාදේශීය සභා සභිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
එන්.ප්‍රියදර්ශනි.
under the courtesy of mawbima.lk news web