Sunday, March 29, 2020

තුන්වැනි දරුවාගේ මුහුණ බලන්නටවත් ඔහුට බැරිවුණා - කොරෝනා රෝගීන් වෙනුවෙන් කැපවුණු, ‍දොස්තර පියෙකුගේ ලොවක් සසල කළ සමුගැනීම

 කොරෝනා වයිරස වසංගතය මුළු මහත් සමාජයම කණපිට හරවන්නට සමත් වී තිබේ.

දහස් ගණනක් මිනිසුන් මිය යන්නට පටන්ගෙන තිබෙන අතර ඊටත් වඩා කනගාටුවක් ඇති වන්නේ තවත් ජීවිත දහස් ගණනක් රැකගන්නට වෙහෙසෙන වෛද්‍ය වෘත්තිකයන්ගේ ජීවිතද කොරෝනා වයිරසය
විසින් ඩැහැ ගනිමින් තිබෙන බැවිනි.

මෙසේ අවාසනාවන්ත ලෙස අහිමිව ගිය ජීවිත පිළිබඳ හද කකියවන කතන්දර රැසක් මේ දින කිහිපය තුළදී අපට කියවන්නට ලැබිණි.

ඒ අතුරින් පසුගිය දින දෙකේදී සමාජ ජාලා තුළ දහස් ගණනක් හුවමාරු වී ගිය ඉන්දුනීසියානු වෛද්‍යවරයා පිළිබඳව වූ කතා පුවත අනුවේදනීය බව හැඟෙයි.

ෆේස්බුක් හා යූ ටියුබ් වැනි ජනප්‍රිය සමාජ ජාලාවල හුවමාරු වන තොරතුරුවලට අනුව මේ අනුවේදනීය ඉරණමට මුහුණ දී ඇත්තේ හාදියෝ අලි ඩස්ටසින් (Hadio Ali Khazatsin) නමැති වෛද්‍යවරයෙකි.

මේ දුක්බර සිදුවීම අත්විඳින්නට සිදුව ඇත්තේ මේ කියන හාදියෝ අලි වෛද්‍යවරයාට නම් හේ වෘත්තියෙන් ස්නායුවේදය පිළිබඳ වෛද්‍යවරයෙකි.

ජකාර්තාවේ Premier Bintaro රෝහලේ සේවය කළ ඔහු වියට්නාමයේ හෝ චි මින් සිටි University of Mediline and Pharmacyහි අධි සාමාජිකත්වය දරන්නෙකි.

කොරෝනා වයිරසයට ගොදුරුවූවන් සුවකිරීම වෙනුවෙන් එක දිගට වෙහෙසුණු ඔහු ලද මඳ අස්වැසිල්ලකදී නිවෙසට දිවවිත් තිබුණේ සිය දරුවන් දෙදෙනාත් බිරින්දෑත් දැක බලා ගන්නට යැයි ලොව පුරා හුවමාරු වන ඡායාරූප කිහිපය සමඟ ඇති සටහනක දැක්වෙයි.

එහෙත් දරු දෙදෙනාගේ තුන් වැන්නා මෙලොවට බිහි කරන්නට මඟ බලා සිටි ගර්භණී බිරින්දෑත් භයංකාර ව්‍යසනයෙන් ආරක්ෂා කර ගනු පිණිස හේ ගේට්ටුවෙන් පිටත සිටම දරුවන් දෙදෙනාත් තම බිරිය දෙසත් බලා ඉන්නා ආකාරයත් සැප දුක විමසන හැටිත් ඡායාරූපයට නැඟී තිබේ.

මේ ඡායාරූප සියල්ල ඔහුගේ බිරිය විසින් ගන්නා ලද ඒවා යැයි පැවසෙයි. විනාඩි කිහිපයක කතා බහින් පසුව ඔහු ආපසු ගියේ යළි තම රාජකාරිය පිණිසය.

එහෙත් ඒ තම අවසාන හමුවීම වේ යැයි කිසිවකුත් එවේලෙහි දැන සිටියේ නැත. තම ආදරණීය තාත්තා දිගු සේවා මුරය හමාර කර පැමිණෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. ඔහුත් පෙරළා ආපසු තම ආදරණීයයන් බලන්නට යන දවස ගැන හිතන්නට ඇත.

එහෙත් ඔවුන්ගේ අවසන් හමුවීම මෙය විය.

මේ අපට හුදෙක් කම්පා වන්නට පමණක් සුදුසු පුවතක් නොවේ. ඒ පරිත්‍යාගය අපට හිතන්නට බොහෝ දේද ඉතිරි කර ඇත. එකක් මේ වසංගතය කොතෙක් බියජනකද යන්නයි. දෙවැන්න වෛද්‍ය වෘත්තිකයන්ගේ හා ඒ හා සම්බන්ධ සියලු කාර්ය මණ්ඩලවල කැපවීමය.

අවසන, අප ඒ කැපකිරීම්වල ආයෝජනයක් ලබාගන්නට සරිලන උදව්වීමක් ප්‍රතිකැපවීමක් එනම් ඔවුන්ගේ ඉල්ලීම් හා උපදෙස්වලට අවනත වීමක් අනුගත වීමක් සිදු කරන්නේද යන්න සිතා බලන්නටය. ඊට අප තවමත් පවා වී නැති බව අපේ හැඟීමය.

under the courtesy of mawbima..lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka