Saturday, March 28, 2020

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී සිදු කළ යුතු දෑ ගැන අගමැති කියයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ආර්ථික මධ්‍යස්ථාන වෙත ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහනවලට අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඇඳිරි නීති සමය තුළ තදින් නීතිය ක්‍රියාත්මක කළ වුවත්, එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපොළ ඇතුළු සියළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනයට අවසර ලබාදෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම, වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් අවශ්‍ය කටයුතු කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ මැනිං වෙළඳපොළේ භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙඳුන් නොමැතිවීම හේතුවෙන් අද උදෑසන අර්බුදකාරී තත්ත්වයක් හට ගත්තා. කෙසේ වෙතත්, මේ වන විට එය සමථයකට පත්වී තිබෙනවා.

ඇඳිරි නීති, නීති දැඩි කිරීමත් සමඟ මැනිං වෙළඳපොළට පැමිණෙන වෙළදුන්ගේ අඩුවක් අද උදෑසන දක්නට ලැබුණා.

එම ස්ථානයට අද පෙරවරුවේ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක ද පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, අද දිනයේදී කොළඹ මැනිං වෙළඳපොළේ එළවළු මිල, පාලන මිලටත් වඩා විශාල ලෙස පහළ ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බීට්රූට් කිලෝවක් රුපියල් 50ක් සහ අමු මිරිස් කිලෝවක් රුපියල් 100ක් වැනි මිලකට අලෙවි වූ බව සඳහන්.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද අද දිනයේ පාලන මිලට වඩා අඩු මිලට එළවළු අලෙවි වූ බව දඹුල්ල හිරු වාර්තාකරු කියා සිටියා.

අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනය ඇතුළු විවිධ ප්‍රදේශවලින් එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමඟ මෙලෙස මිල පහළ ගිය බවයි සඳහන් වන්නේ.

ඒ අනුව රුපියල් 160ක පාලන මිලක් නියම කර තිබූ අමු මිරිස් කිලෝවක් රුපියල් 85ක මුදලකටත්, රුපියල් 110ක පාලන මිලක පැවති බෝංචි කිලෝවක් රුපියල් 85ත්, 100ත් අතර මිලකටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වී තිබෙනවා.

මේ අතර, ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මකවීම හේතුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන වෙළදුන්ට පානීය ජල බෝතලයක් හා ආහාර පාන මිලදී ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka