ඇස්
පෙනීම තිබුණත් එකය. නැතත් එකය. කන් නොඇසෙන තරමට වඩා හොඳය. අදාළ තනතුරට
තෝරාපත් කර ගැනීමේදී අඳ ගොළු බිහිරිභාවය සැලකිල්ලට ගන්නේ නැත.
ශ්‍රී ලංකාවේ ඉහළම වැටුප්, දීමනා, වරප්‍රසාද සහිත රැකියාවේ පුරප්පාඩු ඇතිවී තිබේ. උපරිම සේවා කාලය වසර පහකි. අනතුරුව විශ්‍රාම වැටුපට හිමිකම් කිව හැකිය. සම්පූර්ණ ඇබෑර්තු සංඛ්‍යාව 225කි.
මෙම මාර්තු 12දා සිට 19දා දක්වා අයැදුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය. අධ්‍යාපනික හෝ වෘත්තීය පුහුණු සුදුසුකම් කිසිවක් අවශ්‍ය නොවේ. ශාරීරික දුබලතා ද සැලකිල්ලට ගන්නේ නැත.
ඇස් පෙනීම තිබුණත් එකය. නැතත් එකය. කන් නොඇසෙන තරමට වඩා හොඳය. අදාළ තනතුරට
තෝරාපත් කර ගැනීමේදී අඳ ගොළු බිහිරිභාවය සැලකිල්ලට ගන්නේ නැත.
අපේක්ෂිත අයැදුම්කරුවන් දේශපාලන පක්ෂ මඟින් හෝ ස්වාධීන කණ්ඩායම් හැටියට හෝ අදාළ තනතුර සඳහා අයැදුම් කළ හැකිය. අදාළ තනතුරට තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව රැකියාවට පැමිණෙන දිනයන් සඳහා විශේෂ දීමනා හිමිවන අතර තීරු බදු රහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ලබාගැනීම පිණිස මූල්‍ය පහසුකම්ද ලබාදේ. ඊට අමතරව සම්පූර්ණ සේවා කාලය වූ වසර 5 සඳහා නිල නිවාස ලබාදෙනු ඇත.
අයැදුම්කරුවන් සඳහා වයස් සීමාවක් නැත. සැරයටියෙන් යනෙනතුරා රාජකාරියට පැමිණිය හැකිය. රාජකාරි දිනවල පහසු විශේෂිත මිලකට උදේ, දිවා ආහාර සහ තේපැන් සපයනු ලැබේ.
මෙහෙම රැකියාවක් තිබෙන්නේ මොන දේශ දීපංකරේ දැයි කෙනකු ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. එම රැකියාව තිබෙන්නේ වෙනත් දේශයක නොව ලංකාවේමය. කොටින්ම කියනවා නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේය. මාර්තු 2දා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා පුරප්පාඩු 225ක් ඇතිවී තිබේ. මන්ත්‍රිවරයකුගේ මාසික වැටුප රුපියල් 54,285කි. පැමිණීමේ දීමනාව රුපියල් 2500කි. සංග්‍රහ දීමනාව රුපියල් 6000කි. කාර්යාල දීමනාව රුපියල් ලක්ෂ 1කි. වාහන තීරුබදු නිදහස් බලපත්‍රය අලෙවි කිරීමෙන් මන්ත්‍රිවරයකු ලබන අවම මුදල රුපියල් කෝටි 3 1/2කි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන මෙම දීමනා වැටුප් වූ කලී ඔවුන් විසින්ම යෝජනා කොට ඔවුන්ගේම සාක්කුවට වාසි වන පරිදි ඔවුන් විසින්ම සම්මත කරගන්නා ලද ඒවාය. ජනතාව කරන්නේ ඔවුන් නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තෝරාපත්කර යැවීමය. පක්ෂ නායකයන් විසින් කපටින්ට, සොරුන්ට සහ පාතාල මැරයන්ට නාමයෝජනා ලබාදුන් විට තම කැමැත්තාට ඡන්දය දෙන්නට ජනතාවට සිදුවේ යැයි ගැටලුවක් තිබේ. නමුත් කලක සිටම දක්නට ඇති විභවතාව වන්නේ ජනතාව යහපත් මිනිසුන්ට වඩා පාතාල මැරයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට, සොරුන්ට ඡන්දය දෙන්නට වැඩි අභිරුචියක් දක්වන බවය. ඒ නිසා සොරුන්ට නාමයෝජනා දුන්නා යැයි දේශපාලන පක්ෂ නායකයන්ට චෝදනා කිරීමේ තේරුමක්ද නැත.
සර්වජන ඡන්ද බලය පදනම් කරගත් මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1931 දී ඩොනමෝර් කොමිසම විසිනි. ඡන්දය පාවිච්චි කරන්නට තරම් බුද්ධියක් ඥාන ශක්තියක් මෙරට ජනයාට නැති බැවින් ඔවුන්ට ඡන්ද බලය දීම වඳුරා අතට දැළි පිහිය දීම වැනි අඥාන තීරණයකැයි පවසමින් ජාතික සංගම් නායකයෝ එදා යටත් විජිත ආණ්ඩුවට ෙදාස් කීහ. එදා අපි ජාතික සංගම් නායකයන්ට ෙදාස් කීවෙමු. එහෙත් වර්තමානයේ මෙරට ඡන්ද දායකයන් ඡන්දය දී මැතිසබයට පත්කර යවන මහජන නියෝජිතයන් ගැන සලකන විට ජාතික සංගම් නායකයන් එදා කී කතාව සත්‍යයක් බව පැහැදිලිය.
under the courtesy of mawbima.lk news web