Wednesday, March 4, 2020

කාවිංග පෙරේරාට ඇප

මූලික වන්දියක් වශයෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් ගෙවන ලෙස නියෝග  

තලවතුගොඩ - පන්නිපිටිය ප්‍රධාන බස් මාර්ගයේ කලල්ගොඩ පදිකමාරු ස්ථානයක සුදු ඉරි සටහන් කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියට සම්බන්ධ කොන්ත්‍රාත් සමාගමක සේවකයකු මෝටර් රථයක හප්පා මරණයට පත්කළ බවට චෝදනා ලබා සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පි කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබේ.

එම නියෝගය නිකුත් කළ කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා
ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට ද ඊයේ (03) වැඩිදුරටත් නියෝග කළේය.

මෙම මාරක රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වුයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත පදිංචි ගම්මන ලියනගේ වසන්ත නමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

ඉකුත් පෙබරවාරි 19දා මධ්‍යම රාත්‍රි 12.45 ට පමණ රිය අනතුරට ලක්වූ ලියනගේ වසන්ත යන අය මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමේ උපදෙස් මත හදිසි සේවාවක් වශයෙන් පදික මාරු ස්ථානයේ අනතුරු වළකන විදුලි ආලෝක ධාරා යොදාගෙන සේවයේ යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි තලංගම පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

ඒ අවස්ථාවේ බීමත්ව සිටි සැකකරු තම මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කරමින් පැමිණ ඇති අතර ඉහත කී සේවකයා යටකර පලායෑමට උත්සාහ කර ඇතැයි ද ඒ මොහොතේ පිරිසක් මෝටර් රථය ලුහුබැඳ ගොස් සැකකරු කොටු කරගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට වාර්තා කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් මියගිය අයගේ දරුවා ඇතුළු බිරිය දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටින නිසා එම පවුල වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදීමේ නියෝගයක් පනවන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

බීමත්ව, අධික වේගයෙන්, අපරික්ෂාකාරීව මෝටර් රථය පදවාගෙන යෑමෙන් රජයේ කොන්ත්‍රාත් සමාගමක අහිංසක සේවකයකුට ජීවිතය අහිමි කිරීමෙන් තම එකම දරුවා සමඟ මව අසරණ තත්ත්වයට පත්කර තිබීම බලවත් වරදක් බවද පැමිණිල්ලේ නීතිඥ ජයානන්ද සමරකෝන් මහතා පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සලකා බැලූ විනිසුරුවරයා මූලික වන්දියක් වශයෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ජයානන්ද සමරකෝන් මහතා කරුණු දැක්වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

මාලබේ - රාජිකා රණසිංහ

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka