Tuesday, March 24, 2020

මම හිතුවෙ නැහැ සුව කරගන්න පුළුවන් වෙයි කියලා - මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් 19 ආසාදිතයා මුළුමනින්ම සුවය ලබා නිවසට ගොස් පැවසූ දේ - Video

මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් 19 ආසාදිතයා මුළුමනින්ම සුවය ලබා අද රෝහලෙන් පිටව ගියා.
අද දිනය තුළ තවත් ආසාදිතයන් 05 දෙනෙකු තහවුරු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ 91ක්  දක්වායි.
මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සංචාරක රියදුරු මාර්ගෝපදේශකයෙක් වූ මෙරට පළමු ශ්‍රී ලාංකික කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වුණේ පසුගිය 10 වනදායි.

ඔහු අවසන් වරට සේවය සපයා තිබුණේ ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකටයි.

මෙම රෝගියා දින 15 ක් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

පූර්ණ වශයෙන් සුවය ලැබූ  ඔහු අද පස්වරුවේ රෝහලෙන් පිටත් කර හැරුණා.

තවත් දින 14 ක් නිවසේදී නිරෝධායනට ලක් විය යුතු බැවින් ඔහු ගිලන් රථයකින්ම නිවස වෙත පැමිණියා.

මේ අතර සිය නිවසේදී නිරෝධායනයට ලක් වූ එම සංචාරක මගපෙන්වන්නාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට ඊට අදාළ සහතිකය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අද බාර දෙනු ලැබුවා.

ඔවුන්ගේ නිවස සහ මෝටර් රථයද විෂබීජහරණය කෙරුණා.

මේ අතර කොවිඩ් 19 ආසාදිත රෝගීන් 5 දෙනෙක් අදත්  තහවුරු කර ගැණුනා.

රෝගීන් 78 දෙනෙක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේද රෝගීන් 8 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලේද ප්‍රතිකාර ලබනවා.

පසුගිය 11 වනදා සිට මෙරට තුළ රෝගීන් වාර්තා වුණේ මෙලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 8 ක් ,පුත්තලම දිස්ත්‍රික්කයෙන් 6 ක්, සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් තුන් දෙනෙකු වාර්තා වනවා.

කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල හා යාපනය යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ රෝගීන් 32 ක් සහ විදේශික රෝගීන් තිදෙනෙකු දැනට ප්‍රතිකාර ලබන පිරිසට අයත්.

කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 227 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

හලාවත ඉරණවිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේ රෝහලක් බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට පවරනු ලැබුවා.

අක්කර 400 ක පමණ භූමියක විසිර ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ලබා දී තිබූ ජල සහ විදුලි සම්බන්ධතා මේවන විට විසන්ධි කර ඇති අතර ඒවා කඩිනමින් යළි ලබා දීමට අදාල නිලධාරීන් එකඟතාව පළකර තිබෙනවා.

කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය අලුත්වැඩියා කිරීම නාවික හමුදා සෙබලුන් විසින් ඊයේ ආරම්භ කළා.

මේ අතර  කොවිඩ් 19 ආසාදිත වූ රියදුරෙකු රැඳී සිටි නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් මුද්‍රා තබා එහි හිමිකරු සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

එම රියදුරු සමග පැමිණි බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කණ්ඩායම නැවතී සිටි හැටන් කාසල්රී ප්‍රදේශයේ සංචාරක බංගලාවද මුද්‍රා තැබුණා.

සේවකයෙක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් බණ්ඩාරවෙල සුපිරි හෝටලයක කළමණාකරු ඇතුලු සෙසු සේවකයන් පිරිස පසුගිය 17 වනදා සිට අදාල හෝටලයේදීම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

මෙම හෝටලයට පැමිණි සංචාරක මග පෙන්වන්නෙක් කොවිඩ් 19 ආසාදිත බව මීට දින කිහිපයකට පෙර තහවුරු කර ගැණුනු අතර ඔහු හෝටල් සේවකයෙක් සමග කතාබහ කරන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා.

සෞඛ්‍ය උපදෙස් නොතකා විවිධ ස්ථාන වල සංචාරය කරන බවට පැමිණි ලද ලුණුගම්වෙහෙර එකේ කොලනිය ප්‍රදේශයේ ස්වයං නිරෝටයානයට ලක් කර සිටි සංචාරක හෝටල් සේවකයෙක්ට  ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැඩිව අවවාද කළා.

එම පුද්ගලයා නිරෝධායනට ලක් කර ඇත්තේ ඔහු සේවය කරන හෝටලයේ නවාතැන්ගෙන සිටි විදේශිකයෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් .

කොවිඩ් 19 ආසාදිත බව වාර්තා වන ස්විස් ජාතික දේවගැතිවරයා යාපනයට යන අතරතුර විවේක ගත් අනුරාධපුර නගරයේ පිහිටි හෝටලයක් මධ්‍යම නුවරගම් පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මුද්‍රා තැබුවා.

මේ අතර පොලිස් මූලස්ථානයේ මෙහෙයවීමෙන් දිවයින පුරා පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ පමණක් මෙහෙයුම් සිදුවන අතර පිටව යන මගීන් සහ ගුවන් සේවා කාර්ය මණ්ඩල විෂබීජහරණය කෙරුණේ මෙලෙසයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවශ්‍යතා සපුරාලීම සඳහා සිවිල් ආරක්ෂක සේවා බලකායේ වවුනියාව මූළස්ථාන කඳවුරේ ඇඟලුම් කර්මාන්තශාලාවේදී දිනකට 6000 බැගින් මුව ආවරණ නිෂ්පාදනය කෙරෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන රෝහල් සඳහා අත්‍යාවශ්‍ය ආරක්ෂිත ඇඳුම් ප්‍රදානය කිරීමේ වැඩපිලිවෙල යටතේ පළමු තොගය සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දුන්නා.

මෙම ඇඳුම් නිෂ්පාදනය කර තිබෙන්නේ යුද හමුදා සහ  ගුවන් හමුදා ඇඟලුම් කාර්මාන්ත ශාලාවලදීයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka