ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මොනරාගල නගරයේදී පරීක්ෂාකිරීමේදී එහි තිබී නිධන් සෙවීම සඳහා කැණීම් වලට යොදාගන්නා උපකරණ රැසක් පොලීසිය මඟින් (23) වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත.
වෑන්රථයේ සිටි දෙදෙනා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් පැමිණ ඇත්තේ නිධන් සෙවීම සඳහා කැණීම් කටයුතු කිරීමට දැයි පොලීසියට සැක පහළ කරයි.
වෑන් රථයේ රියදුරු සහ එහි සිටි අනෙක් අය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ සමඟ මොනරාගල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකැර ඇත.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
බිබිල නඳුන් ගුණතිලක
under the courtesy of mawbima.lk news web