Wednesday, February 19, 2020

"ආයුබෝවන් බොහෝම ස්තූතියි" කියලා කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ චීන ජාතික කාන්තාව දිවයිනෙන් පිටවූ හැටි - Video

චීනයේ වූහාන් සිට සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 43 හැවිරිදි ලූඔ යැන්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී දින 26 ක කාලයක් අයි.ඩි.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද පස්වරුවේ චීනය බලා පිටත්ව ගියා.

ඒ, කැන්ටන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

චීනයේ වූහාන් සිට සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 43 හැවිරිදි ලූඔ යැන් නැමති මෙම කාන්තාව
ජනවාරි 25 වනදා උණ රෝගය වැළදී තිබීම හේතුවෙන් අයි..එච්. රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් දින දෙකකට පසු ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට මෙරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගත්තා.

නිරෝධායන කටයුතුවලින් පසුව සම්පූර්ණයෙන් සුවය ලැබූ ඇයට සමුදීම සඳහා සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් ද එක්ව සිටියා.

ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයට ද ඇය තුති පුද කළ අතර, ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද පෙනී සිට රෝහලේ බුදුමැදුර වෙත ගොස් ආගමික වතාවත්වලද නිරතවීමෙන් අනතුරුවයි රෝහලෙන් පිටව ගියේ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඇයට සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සඳහා ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුද කළා.

මේ වනවිට චීනය ඇතුලූ රටවලින් කොරෝනා මරණ 2004 ක් වාර්තාවී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

under the courtesy of gossip.hirufm.lk news web 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka