වධය දීමට පැමිණි ජ්‍යෙෂ්ඨ සිසුන් බීමත්ව සිටි බව නවක සිසුහු පරීක්ෂ්ණයේදී ප‍්‍රකාශ කරති
නවක සිසුන්ට ලිංගික ක‍්‍රියාකාරකම් වල නියැලෙන ලෙසට ද බල කරලා
යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ නවක වධයට ලක් වූ පළමු වසරේ සිසුවකු පෙරේදා (15 දා) යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය ඔහු බැලීමට කිසිවකුටත් අවසර ලබා නොදෙන අතර සිසුවාගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන ඇත. ඔහු රෝහල් ගත වී ඇත්තේ ඔහුගේ ශිෂ්ණය හදිසියේ අසාමාන්‍ය ලෙස ඉදිමීම

හේතුවෙනි.
කිළිනොච්චිය මණ්ඩපයේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වධය දුන් අවස්ථාවේදී අමානුෂික හා අසභ්‍ය අන්දමට නවක වධය ලබා දී ඇති අතර එහිදී නවක සිසුන්ට ලිංගික ක‍්‍රියාකාරකම් වල නියැලෙන ලෙසට ද බල කර තිබේ.
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කරන ලද එම බලපෑම් බැහැර කළ නවක සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අමානුෂික අන්දමට පහර දුන් බව දැනට සිදු කරගෙන යන පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
එමෙන්ම නවක වධය දීමට පැමිණි ජ්‍යෙෂ්ඨ සිසුන් බීමත්ව සිටි බව නවක සිසුන් පරීක්ෂ්ණයේදී ප‍්‍රකාශ කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ සිසුන් අටදෙනකුගේ පන්ති තහනම් කර ඇත. නවක වධය දුන් බවට සැක කරන සිසුන් හයදෙනෙකු ප‍්‍රශ්න කිරීම සඳහා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

under the courtesy of divaina.com news web