මිදුලේ මලපහ කලේ කවුරුන්දැයි අසමින් පහර දීලා
කකුල් දෙකෙන් ගසක එල්ලලා
අවුරුදු අටක් වයසැති තම පුත‍්‍රයාට අමානුෂික ලෙස පහර දී පාදවලින් ගසක එල්ලීම සම්බන්ධයෙන් තිදරු පියකු ඉකුත් (14දා) මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත මොනරාගල අලියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප‍්‍රදේශයේ කම්කරු රැුකියාවක නිරතව සිටින සැකකරු බ‍්‍රහස්පතින්දා (13දා) නිවසට පැමිණ ඇත. නිවස ඉදිරිපිට මිදුලේ කිසියම් අයකු මළපහ කර ඇති බව දැක ඒ පිළිබඳව තම අටහැවිරිදි පුතාගෙන්
විමසා ඇත. මළපහ කළේ කවුරුන්දැයි නොදන්නා බව පුතා පැවසීමෙන් අනතුරුව පියා විසින් පුතා ගසක බැඳ පහරදී කකුල්වලින් බැඳ අඹ ගසක එල්ලා ඇත.කකුල් දෙකෙන් ගසක එල්ලලා
අවුරුදු අටක් වයසැති තම පුත‍්‍රයාට අමානුෂික ලෙස පහර දී පාදවලින් ගසක එල්ලීම සම්බන්ධයෙන් තිදරු පියකු ඉකුත් (14දා) මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත මොනරාගල අලියාවත්ත ප‍්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප‍්‍රදේශයේ කම්කරු රැුකියාවක නිරතව සිටින සැකකරු බ‍්‍රහස්පතින්දා (13දා) නිවසට පැමිණ ඇත. නිවස ඉදිරිපිට මිදුලේ කිසියම් අයකු මළපහ කර ඇති බව දැක ඒ පිළිබඳව තම අටහැවිරිදි පුතාගෙන්
එය දුටු ගම්වාසීන් පොලිසියේ හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම්දී තිබේ.
පොලිසිය පැමිණෙන විට දරුවාගේ මව අඹගසේ එල්ලා තිබූ දරුවාගේ ගැට ලිහා බේරාගෙන ඇත.
දරුවාගේ මව සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පහර කෑමට ලක්වූ දරුවා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
මොනරාගල මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක වේහිත දේශප‍්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
under the courtesy of divaina.com news web