Sunday, February 23, 2020

ඉරිදාට නේ මෙතැනට කෑලි වැඩිපුර එන්නේ - මනමාලයෝ සුද්ද කරන ජයමංගල කොම්පැනි ගේම

ඉරිදාට නේ මෙතැනට කෑලි වැඩිපුර එන්නේ - මනමාලයෝ සුද්ද කරන ජයමංගල කොම්පැනි ගේම
එක් ගැහැනු-පිරිමි හමුවීමක් රුපියල් 1500යිඉරිදාට නේ මෙතැනට කෑලි වැඩිපුර එන්නේ
කිසිසේත්ම ඇය වචන අතරට නොපැමිණ තිබේ. ඒ නයින් ඇයව එක අදහසකට ගතහැකි නොවේ. බ්‍රාහ්මණයන්ට මෙන්ම මිථ්‍යා ධර්මයටද ස්ත්‍රීත්වය ගූඪතාවකයැයි දීඝ නිකායේ සඳහන්ව ඇත්තේ ඒ
නිසාද විය හැකියි.

මැද කාලීනව ස්ත්‍රිය අවබෝධ කර ගැනීම දුෂ්කර වන්නා සේම ඇය නිසි අයුරින් පාලනය කිරීමද රටක් පාලනය කිරීම තරම්ම දුෂ්කර යැයි සැමුවෙල් පුට් කියා සිටියේය. ඒ කතාවන් හුදු වචන හරඹයක්ම නොවේ.

ඇය වචන අතරට නොපැමිණීම යනු හුදෙක් පිරිමියාගේ ගැටලුවක්ම පමණක්මද?

සැබෑ ලෙසම ගැහැනු මනුස්සයකුගේ ශබ්දකෝෂය පුළුල් විය හැකිය. ඇතැම් විට එය පටු විය හැකිය. ඒ, එය දෙස ගැහැනු මනුස්සයා බලන්නේ එය තවදුරටත් තමන්ට ගැටලුකාරී යමක් නොවන තැනකින්ය. නමුත් තමා දන්නා ශබ්දකෝෂය අතිශයින්ම සියුම්ව හා නිවැරැදිව ප්‍රයෝජනයට ගැනීමට ඇය උත්සාහවන්තය. ගැහැනු මනුස්සයා කතාබහට මෙන්ම සිනාසීමටත් හැඩීමටත් එක ලෙස දක්ෂ ඇයි යැයි යමෙක් විමසා සිටියහොත්! ප්‍රිය පාඨකය, පිළිතුර දැන් ඔබ සතුය.

පිළිතුර කුමක් වුවත් ස්ත්‍රිය යනු අනඟි නිර්මාණයක් බව නම් කිව යුතුය. පෙර, අපරදිග සාහිත්‍ය නිර්මාණවලදී ස්ත්‍රී ලාලිත්‍ය වර්ණනාවලියක් වූයේ ඒ නිසාය.

ඇයගේ පුන් පියයුරු, නිලුපුල් නුවන්, පුන් පියයුරුවල මටසිලුටු චංචල බව, නිලුපුල් නුවන් තුළ ඇති සෙනෙහස හා කරුණාව තරමට ඒවා ගැහැනු මනුස්සයාට අපමණ අගයක් ලබාදී තිබේ. පුළුලුකුළ ඇයට ආවේණික ගමන් රිද්මයක් ලබාදී තිබේ. හෝමෝ සේපියන් වසර සිය දහස් ගණනකින් පසු, නව ශිලා යුගයේ විපර්යාසයන් ඇරැඹෙන විටත් දැන සිටි එකම හැඩතලය ගැහැනු මනුස්සයාම වීම අහම්බයක් නොවේ.

හුදෙක් ගැහැනු මනුස්සයෙක් කෙරේ ප්‍රේමයක් ඇති වුණේ මෙම ලාලිත්‍යමය ස්වභාවය මුල් කරගෙන යැයි සිතීම යුක්ති නොවේ. පුරුෂත්වයට ඒවාට ඉදිරියෙන් වුව සිටිය හැකිය. අපට විශාල දේවල් කළ නොහැකිය. එය සත්‍යයකි. එහෙත්, මහත් වූ තිර ප්‍රේමයකින් යුතුව සුළු දෙයක්/දේවල් කළ හැකි යැයි තෙරේසා මව පවසා සිටියේ ඒ නිසාය. ප්‍රේමයෙන් පිරී ගිය සොබාව ලෝකය සුන්දර ලෙස දර්ශනය වීම ප්‍රේමයේ අසිරිමත් බව විදහා දක්වන්නකි. එදවස වූ ප්‍රේමය එහි පරිසමාප්ත අර්ථය වන විවාහය, එහි අතරමැදිතාවන් වූ විශ්වාසය, ආලිංගනය අද මුහුණ දී ඇත්තේ කිනම් ලෙස නාමකරණය කළ යුතු අවස්ථාවන්ටද? ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මේ බිම කදිම වැඩ බිමකි. එහි යාන්ත්‍රණය සහ එහි සැබෑ හැඩය මෙලෙස යැයි පෙන්වා දෙනු ලබන්නේ ඇයය.

මෙහි පැමිණෙන උන් ඇය පිළිබඳ මෙලෙස පතළ කතා කියනු ලබයි. ඇය තම පෙම්වතුන්ට කාලවකවානු ලබාදෙන්නේ පැය දෙකක විරාම කාලයක් ලබා ගත හැකි ලෙසලු. මෙය සත්‍යයක් නම් ඕපාදූප, ගැහැනු ඕපාදූපවලට වඩා අඩුවෙන් භාරගත යුතුය. සැබැවින්ම ඇයගේ ජීවන චක්‍රයෙහි ආදරයට හිමිවන්නේ ඉතා සුළු ඉඩකඩක්ලු! ඇය හිස්මුදුනින් පිළිගනු ලබන්නේ මුදල් සහ ඒ මත දුරදිග ඇදුණු ලිංගිකත්වයලු! එහෙම ගත්තොත් සැබැවින්ම ඇය ස්ත්‍රියකගේ කාමෝන්මාදයේ ඔරිජිනල් කේස් එකකි. මා ඇයගේ වැඩ බිම කරා ගොඩ වැදුණේ සැබෑ සරලව පවසා සිටියොත් මිතුරකුට ගැහැනියක් සොයා ගැනීමේ අරමුණිනි.

මෙම ගැහැනිය වූ කලී පහසුවෙන් ලබාගත හැකි සරල භාණ්ඩයක් නම් නොවේ. ඒ සඳහා එහි ඉඩකඩක් නොමැති යැයි කීම යුක්තිය. මෙය මඟුල් තුලා බිම්කඩකි. ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 3000කි. දීගය සාර්ථක වුවහොත් රුපියල් 30,000ක් දක්වා එය දුරදිග ඇදේ. නමුත් ඇය නම් කියන්නේ එලෙස දුරදිග ඇදුණු 30,000ක් ඇය අතට පත්ව ඇත්තේ දෙතුන් වරක් බවය. රුපියල් 3000ක් ලබාදී ලියාපදිංචි වූ පසු එක් ගැහැනු-පිරිමි හමුවීමක් ඇය මිල කරන්නේ රුපියල් 1500කටය. දැන් අප ඇයගේ වැඩබිම තුළය. කොටු ගසා ඉරි ඇඳ රාමුවකට ගත් ගැහැනු පිරිමි ජීවිත සැලෙන හදින් යුතුව රුපියල් 1500 මුණගැසීම කරා යොමුව තිබේ. ඇල්බමය පෙරළා තමන් හිතවත්, තමන්ගේ හිතගත් පිරිමියා හෝ ගැහැනිය සොයාගත හැකිය. ඉන්පසුව ඔවුනොවුන් හමුවන කාලයයි. එය පැහැදිලි ලෙස සරල නැත. එහි අසීරුතාව හඳුනා ගැනීම සඳහා අප අපේ මිතුරාට කටහඬ අවදි කිරීමට ඉඩ ලබා දිය යුතුය.

“මම මේ ගැන දැනගත්තේ මෙතෙන්ට ඇවිල්ලා කසාදයක් කරගත්ත මගේ මිත්‍රයෙක්ගෙන්. මුලින්ම මෙතෙන්ට එන්න ඕනේ තමුන්ගේ වගකීම් භාරගන්න හැකි වැඩිහිටියෙක් එක්ක. එහෙම ආවොත් තමයි මේ ගෑනු මනුස්සයා වැඩි උනන්දුවක් දක්වලා ආපු කාරණයට මුල්තැන දෙන්නේ. එහෙම නොවුණොත් මෙයා ඒක වැඩිමනකට ගන්නේ නෑ. ඒ හින්දා මම ආවෙත් අම්මා එක්ක. රුපියල් 3000ක් ගන්නවා මෙතැන ලියාපදිංචි වෙන්න. නම, ගම, ස්ථීර පදිංචිය ලිඛිතව අපි පෙන්නන්න ඕන. ඒ කියන්නේ ග්‍රාමසේවක සහතිකය අරගෙන එන එක අනිවාර්යයි. අපි කිව්වොත් අපි කරන රස්සාව මෙන්න මේක කියලා එයා ඒක නොපිළිගත්තොත් ආයතනික හැඳුනුම්පතත් ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ තමයි විශ්වාසය ඇති වෙන්නේ. මෙයා කියන විදිහට මෙතෙන්ට එන හැම ගෑනු කෙනෙක්ම පිරිමියෙක්ම තමන්ට සුදුසු සහකාරයා මෙතැනින් හොයා ගත්තම ඒ බව මේ ආයතනයට නොකියා තමයි විවාහ වෙන්නේ.

ඒ කියන්නේ රුපියල් 30,000ක මුදල කවදාකවත් ලැබෙන්නේ නෑ කියන එක. ඒ හින්දා රුපියල් 1500 හමුවීම් තමයි වැඩි. ඉරිදා වගේ දවසකට ඒ වගේ හමුවීම්වලට ඇපොයිමන්ට්ස් 3 - 4ක් වුණත් ගන්න පුළුවන්. මම එක දවසක රු. 6000ක් වියදම් කළා. එතකොට මාව මුණගැහුණු ගෑනු ළමයි 4 දෙනත් ඒ වගේම ගාණක් වියදම් කරලා. එහෙම ගත්තම සල්ලි එක්ක තමයි මෙතැන හැම වැඩක්ම සිද්ධ වෙන්නේ. ඒක ගැන මම තව ඉස්සරහට කරුණු කියන්නම්.

පොඩි මේස කෑල්ලක දෙන්නා දෙපැත්තේ ඉඳගෙන විනාඩි 10කට හම්බ වෙලා ජීවිතයක් ගැන තීරණය ගන්නේ කොහොමද? ටෙලිෆෝන් නම්බර්, ඇඩ්ඩ්‍රස් හුවමාරු කරගන්න එක මෙතැන නීතියට අනුව තහනම්. අපිව සීසීටීවීවලින් නිරීක්ෂණය කරනවා කියලයි ගෑනු කෙනා කියන්නේ. සමහර විට එහෙම වෙනවා වෙන්න පුළුවන්. මොකද මම එකපාරක් ඒ විදිහට එකම ගෑනු කෙනාව දෙපාරක් මුණගැහෙන්න උත්සාහ ගත්තා. ඒත් ආයතනය මට ඒකට ඉඩ ලබාදුන්නේ නෑ. වෙනස් වෙනස් ගෑනු අය දවසකට හතර පස් පාරක් වුණත් මේ ආයතනයේදී මුණගැහෙන්න පුළුවන්. හැබැයි 1500 වියදම් කරන්නම ඕන.

මේ තත්ත්වය හොඳට තේරුම් ගත්ත අයත් මෙතෙන්ට එනවා. උදාහරණයක් විදිහට මම දන්න ලෝයර් කෙනෙක් මෙතෙන්ට ආවා. එයා පළමු කසාදය අත්හැරලා දාපු කෙනෙක්. මෙතෙන්ට ඇවිල්ලා අත දිග ඇරලා සල්ලි වියදම් කරන්න පුළුවන් බව පෙන්නුවොත් පළමු කසාදය අතහැරපු කෙනෙක්ට වුණත් කසාදයක් නොබැඳපු ගෑනු ළමයෙක් වුණත් හොයා ගන්න පුළුවන්. ඒක කරන්නේ මේ ආයතනය. රු. 30,000 නෙවෙයි මට වටින්නේ, මට වටින්නේ මට වුවමනා දේ කියලා ආයතනයට ඒත්තු ගැන්නුවොත් ආයතනයේ ගෑනු කෙනා වෙනමම තෝරගෙන ඉන්න ගෑනු ළමයි සෙට් එකක් අර පුද්ගලයා ඉදිරියට දානවා. එහෙම දාලා මඟුල කෙරෙන තැනටම කටයුතු කරනවා. උදාහරණයක් විදියට අර ගෑනු ළමයා කැමැති වෙන පිරිමි කෙනෙක් ඒ ඇතුළේ හිටියත් එයාව අයින් කරලා දාලා ආයතනයට ඕන පිරිමි කෙනාව අර ගෑනු ළමයට සම්බන්ධ කරලා දෙන්න තරම් දක්ෂතාවක් හැකියාවක් මේ ආයතනයට තියෙනවා. ඒක තමයි මෙතැන ඇත්තටම සිද්ධ වෙන්නේ. සරලව කිව්වොත් මෙතෙන්ට එන ගෑනු කෙනකුට හරි පිරිමියකුට හරි තමුන්ට ඕන කරන ගෑනු කෙනා හෝ පිරිමියා කවම කවදාවත් හොයා ගන්න ලැබෙන්නේ නෑ. හොයාගන්න ලැබෙන්නේ ආයතනයට ඕන කෙනා විතරයි. අපි ගිහිල්ලා මේ ආයතනයේ ගෑනු කෙනා එක්ක කතා කරමු. කතා කරද්දී එයා අපිට මේ ආයතනය ගැන විශ්වාසය උපරිමයෙන්ම ඇතිවන විධියටයි හැසිරෙන්නේ.

අනික් පැත්තෙන් රුපියල් 3000 කියන්නෙත් අද කාලේ හැටියට ලොකු මුදලක් නෙවෙයි. අනික තමන්ගේ වුවමනාව එක්ක අපි ගිහිල්ලා කතා කරලම බලමු.

සැබැවින්ම මේ ආයතන පොඩ්ඩ රළු ස්පාවකි. ආයතනයේ මූලාරම්භය සහ එහි දිගඇදීම පිළිබඳ සටහන් පොත් ගණනාවකි. ඊට අමතරව ඇත්තේ මේ ආයතනය මඟින් සම්මුඛ වී යහපත් පවුල් ජීවිතයක් ගත කරන බවට නොයෙකුත් ගැහැනුන් සහ පිරිමින් ලබාදුන් ලිඛිත පොරොන්දුය. ඇවැසි නම් ඒවා සියල්ල අධ්‍යයනය කළ හැකිය. උපදේශ ලබා ගැනීමට ඇවැසි නම් එම ගැහැනුන් සහ පිරිමින්ගේ දුරකථන අංකවලට ඇමතුම්ද ලබාදිය හැකිය. විශ්වාසය තහවුරු වෙන්නේ ඒ ආකාරයෙන්ය.

“මේ ආයතනය පටන් අරගෙන දැනට අවුරුදු 3කට වැඩියි. මිනිසුන්ගේ ජීවිත ගොඩක් සංකීර්ණ වෙලා. තව මනුස්සයෙක්ට මනුස්සයෙක් මුණගැහැනේනේ නැති තරම්. ඒ හින්දයි අපිට මේ වගේ ආයතනයක් ආරම්භ කරන්න හැකිවුණේ. මම කියන්නේ ඒක හොඳම දේ නෙවෙයි කියා. නමුත් අපේ පැවැත්ම ආරක්ෂා කර ගන්න නම් මේ වගේ ආයතන බිහිවිය යුතුයි. මුලින්ම මම දන්න කීප දෙනෙක්ට සහකාරයෝ හොයලා දෙන එකයි කළේ. පස්සට පසු ඉල්ලුම වැඩි වුණා. එහෙම ගත්තම මටත් මේක සමාජ සේවයක් විදිහට කරන්න බැරි වුණා. මං ගාවට ඇවිදින් ලියාපදිංචිවෙලා විශ්වාසය තහවුරු කරගෙන අද හොඳ පවුල් ජීවිත ගෙවන විශාල පිරිසක් ඉන්නවා. උදාහරණයක් විදිහට කුරුණෑගල පළාතින් ආව අවුරුදු 22ක ගෑනු දරුවෙක්. එයා දෙපාරක් දික්කසාද වුණු කෙනෙක්. මෙතෙන්ට ආපු පිරිමි දරුවෙක් ඒ ගෑනු දරුවට කැමැති වුණා. එයා හොඳ වැදගත් රස්සාවක් කරන කෙනෙක්. අද වෙද්දී ඒ දෙන්නා වැදගත් විදිහට ජීවත් වෙනවා. අන්න ඒ වගේ දේවල් නිසා මට මේ රැකියාව ඉදිරියට රැගෙන යන්න හැකි බව තේරුම් ගියා. සල්ලි දෙවැනුවට. පළමු දේ විදිහට මම හිතන්නේ ජීවිතය. මට ඕනෑ මේ ආයතනයට ඇවිල්ලා ජීවිතය සාර්ථක කරගත්තු මිනිස්සු ගැන තව කෙනෙක්ට කියලා ඒ උදාහරණය මඟින් ඒ අයටත් හොඳ ජීවිතයක් හොයලා දෙන්න. ඇත්තම කතාව කිව්වොත් මෙතෙන්ට එන අය රෙජිස්ටර් වෙනවා. ඇපොයිමන්ට් එක්ක තමන් ප්‍රිය කරන යම් කෙනකු පිරිමි කෙනෙක් එක්ක දා ගන්නවා. හැබැයි ඒ හමුවීම් කසාදයකින් කෙළවර වුණත් කවම කවදාවත් අදාළ ගාස්තුව අපේ ආයතනයට ගෙවන්නේ නෑ

. මම මේ වෙද්දී කසාද 123ක් සිදුකරලා තියෙනවා. මම දන්නවා මේ අය නොවරදාවම කසාද බැන්දා කියලා. ඒත් ඒ 123 අතරින් 4 දෙනෙක් විතරයි රුපියල් 30,000ක මුදල අපේ ආයතනයට ගෙව්වේ. ඒ හින්දා මම දැන් මේ රස්සාව කරන්නේ බොහොම පරිස්සමෙන්. මේක ආයතනයක්. ඔයගොල්ලන්ට පෙනෙයි මම විතරයි මෙතැන ඉන්නේ කියා. නමුත් ඒක වැරැදියි. මෙතෙන්ට එන පුද්ගලයෝ පිළිබඳ තොරතුරු හොයන්න මම යොදාගත්ත සේවකයෝ විශාල පිරිසක් ඉන්නවා. ආයතනය ගැන විශ්වාසය තියලා මෙතෙන්ට ඇවිදින් සහකාරයෙක් හෝ සහකාරියක් හොයා ගනිද්දී ඒ පුද්ගලයෝ පිළිබඳ වගකීම ගන්න ඕන අපි. දෙතුන් පාර කසාද බැඳලා මිල මුදල් තියෙන ගෑනු කෙනෙක් හොයාගෙන එන පිරිමි තමයි දැන් වැඩි. ඒ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ඕන. ඒ අය දෙන තොරතුරු නිවැරැදිද කියලා හොයලා බලන්න ඕන. අන්න ඒ වගේ දේවල්වලට විශාල ගණනක මුදලක් වියපැහැදම් වෙනවා. ඒ නිසා තමයි මම එක හමුවීමක් රුපියල් 1500කට මිල කරලා තියෙන්නේ. එහෙම නොවුණොත් මට මේ ආයතනය මේ විධියට පවත්වාගෙන යන්න බෑ.

ඇය කතා බිනීමේ සූරියක්. පිළිකුල් සහගත වන තරමට මධස්ථාවයකින් යුතුව ඇය කෙරේ අවශ්‍යතා ඇත්තන් ඇදී යනවා යන්න නම් නිවැරැදියි. එක් අතකින් ඇය තමන් නිරත විෂය පිළිබඳ ප්‍රාමාණිකාවක්. ඒ බව දැනෙන්නේ ඇයගේ පිළිතුරු ඉතා සංක්ෂිප්ත වන නිසා. ඇය තුළ ඇත්තේ පැහැදිලිවම ඇපැහැදිලි බවක්. තමන් නිරත විෂය එතරම් නොව කෙසේවත් තමන්ට ප්‍රියජනක නොවන්නේ යැයි හැඟීමට තරම් ඒ අපැහැදිලි බව බලවත්. කෙසේ වුවත් ජීවිතයට පවත්වාගෙන යෑම නම් කාරණයේදී ඇය පරාජය අත් නොකර ගන්නා බව පැහැදිලියි. ප්‍රේමය නම් යමක් කුමන හෝ කරුණක් මත මිල කළ හැකි නම්, ප්‍රේමය නම් යමක් පෙන්වා 1500ක් 3,000ක්, කඩාවඩා ගතහැකි නම් ඇයම නේ මෙකලදී පවතින ගැහැනිය.

පළමු හමුවේදී මා තුළ හට ගත් විමතිය නම් මෙතරම් වූ කාන්තාවක් මේ මගෝඩි පුරවරයේදී මෙවන් මානුෂික කරුණක් වෙළහෙළෙදාමක් බවට පත් කර ගත්තේ කෙසේද යන්න. ඇය පිළිබඳ පතළ කතා පැතිර යෑමට එය හේතුවක් වන්නට ඇති. ඉරි ගසා කොටු කර එය තවදුරටත් රාමුගත කරන ලද, වාතය පවා සම්පිණ්ඩනය වූ අවකාශයක ගැහැනික සහ පිරිමියකු මුණගස්වා ඔවුනොවුන්ගේ රුචි අරුචිකම් දෙස තෙවැනි ඇස යොමන ඇය ඉන්පසුව සිය එළැඹුම සකසා ගනු ලබන්නේ මේ ඇයි හො¼දැයිය මට ලැබෙන්න නියමිත රුපියල් 30,000ට වග කියන්න ලක ලෑස්ති වෙලා වගේ කියා නම් එය සැබැවින්ම නොසිදුවන මඟුලක්. එවැනි මඟුල් ලත්තැන ලොප් කර දැමීම පිළිබඳව පාඩම ඇයට කියා දී ඇත්තේද මෙහි පැමිණෙන පිරිමි සහ ගැහැනු මනුස්සයන්.

“මම දන්නවා මේ යෝධි මට කෑල්ලක් සෙට් නොකරන විත්තිය. ඒත් මොනවා කරන්නද මචං.. ඉරිදාට නේ මෙතැනට කෑලි වැඩිපුර එන්නේ. ඔන්න ඔහේ තුන්දාහක් කුඩු කරලා දාන්න බලාගෙන පන්දාහක් අතේ තියාගෙන එනවා. පොඩි පර්මර්නට් ගතියක් මෙහෙ තියෙනවානේ. මම තුන්දාහක් වියදම් කරද්දී මට මුණගස්සවන කෑලි දෙකත් තුන්දාහක් වියදම් කරලා. උපරිම පැන්ටා බඩී දෙකකට විතරයි එයැයි වියදම් කරන්නේ. මට පොඩි සීන් එකක් සෙට් වුණා. මේ ගෑනු මනුස්සයා හොඳ කෑලි දෙක තුනක් හයර් කරනවාද මන්දා. එක කෑල්ලක් පොඩි තෙලක් බෙදලා කාරිය හවසට රුපියල් තුන්දාහක් හම්බ කරන්න කැමැතියිනේ. කොහොමත් මේ කසාද නොකරන පැත්තමට තමයි බර වැඩි. කරන්න දෙයක් නැහැ. රුපියල් තුන්දාහක් දීලා රෙජිස්ටර් වුණා කියන්නේ අබිං කෑවා වගේ වැඩක්.

මිතුරු තැන එලෙස පවසා සිටිනවා. හිත මිත්‍රයෙක් එක්ක ආවා නම් වැඩිපුර වාත නොවී පිටව යෑමයි ගුණ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka