සැකකරු විසින් සිව් හැවිරිදි දැරියගේ ගෙල මිරිකා මරණ බවට තර්ජනය කොට 16 හැවිරිදි දැරිය තම ග‍්‍රහණයට ගෙන ඇත.
දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක් දුෂණයට ලක්කල දෙදරු පියෙකු 22 දා රාත‍්‍රි අත්අඩංගුවට ගත්බැව්
පොලිසිය පවසයි.
පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා විසින් මෙකී දැරිය දුෂණයට ලක්කිරීමෙන් පසු ඔහුගේ මිතුරකුටද දැරියගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී ඇත. පසුව සැකකරුගේ මිතුරාද මෙම දැරිවිය සමග හාද වී ඇය අපයෝජනයට ලක්කොට ඇතිබැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙකී දැරිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අ.පො ස. (සා. පෙළ- විභාගයට පෙනී සිටීම සඳහා පාඩම් කරමින් සිටියදී සැකකරු දැරියගේ නිවසට පැමිණ ඇත. එම අවස්ථාවේ දැරියගේ මව්පියන් නිවසේ සිට නැති අතර ඔවුන් කුළී වැඩ කිරීම සඳහා ගොස් ඇත. නිවසේ සිට ඇත්තේ දැරියගේ සිව් හැවිරිදි නැගණිය හා බාල සහෝදරයන් දෙදෙනා පමණි. සැකකරු විසින් එම සහෝදරයන් දෙදෙනා තම නිවසේ ඇති විඩියෝ පටියක් රැගෙන ඒම සඳහා පිටත්කොට යවා ඇත.
පසුව සැකකරු විසින් සිව් හැවිරිදි දැරියගේ ගෙල මිරිකා මරණ බවට තර්ජනය කොට 16 හැවිරිදි දැරිය තම ග‍්‍රහණයට ගෙන ඇය දුෂණයට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි.
ඊට පසුදිනද සැකකරු විසින් මෙකී දැරිවිය දුෂණයට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි. පසුව සැකකරු විසින් මෙකී දැරිවියගේ ජංගම දුරකථන අංකය අක්මීමන ප‍්‍රදේශයේ පදිංචි තම මිතුරකුටද ලබා දී ඇත.
ඔහු මෙම දැරිය සමග දුරකථනයෙන් කථාබස්කොට මිතුරුවී ඇය රැගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඇත. පසුව මේ පිළිබඳ දැරියගේ මව විසින් පොලිසියට කරනු ලැබු පැමිණිල්ලකට අනුව සකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු අතර දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව තිබුණි. වඳුරඹ පොලිස් ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා, කා උ. පො. ප. මල්කාන්ති, ක. පො. සැ. නිමේෂා, පො. සැ. (2597* ප‍්‍රියන්ත, පො. කො. (72882* විජේසිංහ යන නිලධාරීන් හා නිලධාරිනියන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
under the courtesy of dinaina.com news web