දැරියගේ මවද සිය අනියම් සැමියා විසින් දැරියව පිළිස්සූ බවට පිළිගෙන ඇත
වයස අවුරුදු 8 ක දැරියක් ගිනි පෙනෙල්ලකින් පිලිස්සූ බව කියන පුද්ගලයෙකු උහන පොලීසිය විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතට ඔහු දැරියගේ මවගේ අනියම් සැමියා බව පැවසෙනවා.ආරක්ෂක අමාත්‍යංශයේ 118 හදිසි ඇමතුම් අංකයට ආ දුරකථන ඇමතුමක් මත උහන ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේදීයි පිලිස්සුම් තුවාල සහිත මෙම දැරිය හමුවී තිබෙන්නේ.
එම අවස්ථාවේදීම දැරියව ප්‍රථිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දැරියගේ මවද සිය අනියම් සැමියා විසින් දැරියව පිළිස්සූ බවට පිළිගෙන ඇති අතර දැරියගෙන් ද ලබා ගත් ප්‍රකාශයකට අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.