Sunday, February 23, 2020

අවසන් නොවන ඇමසන් ඛේදවාචකය

මේ වනාන්තරය අපේ මව, ඇය අපිව රැකබලා ගන්නවා. ඉතින් අපි ඇයව රැකගත යුතුව තිබෙනවා.
 
ඇමසන් වනාන්තරයෙ ආරක්ෂාව වෙනුවෙන් ලොව පුරා පුද්ගලයන් කොතරම්  හඬ නැගුවත් එහි සිදු
වෙමින් තිබෙන විනාශයේ වැඩි වීමක් මිස අඩු වීමක් දකින්න ලැබෙන්නෙ නෑ.

විශේෂයෙන්ම 2019 ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරියේ වනාන්තරහරණය දෙගුනයකින් වේගවත් වෙලා තිබෙන බව දත්ත වාර්තා පෙන්වා දෙනවා.පසුගිය වසරේ ඇති වූ වියලි කාලගුණික තත්වය වගේම මිනිසුන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් ඇමසන් වනාන්තරයේ සැලකිය යුතු ප්‍රදේශයක් විනාශ වුනා. අනෙක් අතට බ්‍රසීල ජනපතිගේත් අනුදැනුම සහිතව ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් දිනපතා වනාන්තර විනාශය සිදු වෙන්නේ  කිසිවෙකුගේ විරෝධය නොසලකා හරිමින්.

ඇමසන් වනාන්තරය නිවහන කරගත් ස්වදේශික අමෙරිකානු ගෝත්‍ර ගණනාවක් තවමත් මෙහි ඉතාම ස්වභාවික ජීවිතයක් ගත කරනවා.

මේ ගෝත්‍රිකයන් වනාන්තර විනාශයට විරුද්ධව කතා කරද්දී සහ ක්‍රියා කරද්දී ඇතැම් අවස්ථා වල ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිදු වුනා.

බීබීසී සේවය මෑතකදී ඇමසන් සම්බන්ධයෙන් සිදු කළ වාර්තා වැඩසටහනකදී එහි ජීවත් වන ස්වදේශිකයන්ගේ තරුණ ප්‍රජාවගෙන් මේ ඛේදනීය තත්වය ගැන විමසා තිබුණා.

වසර දහස් ගණනක් ඇමසන්හි ජීවත් වූ Arara-Karo ගෝත්‍රයේ 14 හැවිරිදි දැරියක් තමන් ජීවත්ව සිටින තුරු මේ වෙනුවෙන් සටන් කරන බව පවසනවා.

මේ වනවිට පතල්කරුවන්ගේ සහ දැවකපන්නන්ගේ ග්‍රහණයට නතුව තිබෙන වනාන්තරය තමන්ට ඉතාම වැදගත්ම සම්පත බව ස්වදේශිකයන් පුනපුනා පවසනවා.

'මේ වනාන්තරය අපේ මව, ඇය අපිව රැකබලා ගන්නවා. ඉතින් අපි ඇයව රැකගත යුතුව තිබෙනවා.' යැයි ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර බ්‍රසීල ජනපති බොල්සොනාරෝ පවසන්නේ ස්වදේශික අමෙරිකානුවන් සාමාන්‍ය ජනතාව සමග මුසු කරන්නට කටයුතු කරන බවයි.

ඔවුන්ට අයත් ඉඩම් කෘෂිකාර්මික සහ පතල් කටයුතු සඳහා යොදා ගන්නටත් ඔහු සැලසුම් කරමින් සිටිනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka