Wednesday, February 5, 2020

නපුරු වූ කොරෝනා ජීවිත 492ක් බිලි ගනී - ආසාදිතයින් 23,000 ඉක්මවයි - අලුත්ම තත්ත්වය මෙන්න - Photos

මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදිත වූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණයක් සඳහා හොංකොං වෙත අද යොමුකිරීමට නියමිතයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ කාන්තාවගේ සෙම පටල ඇතුලූ තවත් සාම්පල කිහිපයක් මෙලෙස හොංකොං පරීක්ෂණාගාරයක් වෙත යොමු කරවන බවයි.

මේ අනුව ඇය තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇය රෝහලෙන් නිදහස් කළ හැක්කේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහ වෛරස් රෝග පිළිබඳ වෛද්‍යවරුන් එකතුව ගන්නා තීරණයකින් පසුව බවයි සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ.

එමෙන්ම කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක තවත් පුද්ගලයින් 14 දෙනෙකු තවදුරටත් අයි.ඩී.එච්., මීගමුව, රාගම, මහනුවර සහ කුරුණෑගල යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.

ශ්‍රී ලංකාව වෙත මගීන් 2,000 ක් සමඟ ගමන් ගන්නා නෞකාවක් පැමිණෙන බවට තොරතුරු ලැබී ඇති බැවින් ගුවන් තොටුපලින් පැමිණෙන මගීන් පරීක්ෂා කරනවා හා සමානවම එම මගීන්ද පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.

මේ අතර මෙරට ජීවත්වන සියලූම චීන ජාතිකයින්ට කරුණාවෙන් සළකන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය මෙරට තුළ පැතිරීම වැළැක්වීම සඳහා අගනා සේවයක් රජය සහ සෞඛ්‍ය අංශය ඉටුකරමින් පවතින බව ද පෙන්වා දුන්නා.

වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීම සඳහා බලධාරීන් ඉතා අගනා සේවයක් ඉටුකළ බවයි අස්ගිරි මහ නාහිමියන් කියා සිටියේ.

මෙම බැරෑරුම් අවස්ථාවේදි රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා චීන ජාතිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සියලූදෙනාගේ යුතුකම බවද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අවශ්‍ය උපකාරයක් ඇත්නම් ඉටුකරදී ඔවුන් පිළිබඳව අප සැමදා කරුණාව දක්වන බව සනාථවන අයුරින් කටයුතු කරන ලෙසද උන්වහන්සේ මතක් කර දී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඊයේ දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මරණ 65 ක් වාර්තාවී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොරාස් අදිනාම් ප්‍රකාශ කළේ මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට තවදුරටත් අවස්ථාව පවතින බවයි.

 under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka