දේපල ලබා ගැනීමේ අරමුණින් තම පියා අමානුෂික අයුරින් පුළුස්සා වද හිංසාවට ලක්කළ පුතෙකු අත්අඩංගුවට ගෙන මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
සැකකරු යක්කල - බටපොල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදෙරු පියෙකු වන අතර අමානුෂික වද හිංසනයට ලක් වූ පියා 73 හැවිරිදි වියේ පසුවන බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු පියා සතු දේපල ලබා ගැනීමේ අරමුණින් මැදවච්චිය ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසක ඔහු සිරකොට විදෙස් රටකින් ගෙන් වූ ලේසර් කිරණ නිකුත් කෙරෙන උපකරණයක් ආධාරයෙන් ඔහුව පුළුස්සා ඇති බව සඳහන්.
එසේම, අදළා නිවස තුළදී පියා දම්වැල් වලින් ගැටගසා ඔහුට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ. සැකකාර පුත්‍රයා මෙරට කාන්තාවක් සමඟ පෙර විවාහයක් සිදුකරගෙන ඇති අතර, පසුව ඔහුව විදේශීය කාන්තාවක් සමඟ විවාහ වී යක්කල ප්‍රදේශයේ ජිවත්වී තිබෙනවා.
වද හිංසාවට ලක් වූ පියා මේ වනවිට ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.