නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අද සාමාන්‍ය වාට්ටුවකට යොමුකෙරුණා.
රෝහල වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේවන විට සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතින බවයි.
ආන්දෝලනාත්මක සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය 30 වැනිදා ඇප මත මුදාහැරුණු අතර, ඔහු නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
කෙසේ වෙතත්, අද දහවල් 12ට පමණ ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කෙරුණා.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ තත්ත්වය විමසීම සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් සහ එක්සත් ජාතික
පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අදත් රෝහල වෙත පැමිණියා.
රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සමගින් ආන්දෝලනාත්මක සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

under the courtesy of -gossip.hirufm.lk news web