Tuesday, December 31, 2019

පාන්දරම ගුවන් හමුදා සාමාජිකයින් 4 දෙනෙකුට දිවි අහිමිවූ වරකාපොළ මාරක රිය අනතුරට හේතුව මෙන්න - Video

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේදී අද අලුයම කන්ටේනර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්, ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4ට පමණ.


කොළඹ සිට මහනුවර බලා ගමන් කළ කන්ටේනර් රථයක, කොළඹ දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක්
මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් සියලු දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සාමාජිකයින් වන අතර ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිටියදීයි.

පොලිස් මූලික විමර්ශන වලදී ආනාවරණය වී ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

කෙසේවෙතත්, කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ සිරුරු අද පස්වරුවේ වනවිටත් වරකාපොල රෝහලේ තැන්පත් කර තිබුණා.

අම්පාර - වලගම්පුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කෝප්‍රල් චමින්ද සමන් කුමාර මහතා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු තිදරු පියෙක්.

කෑගල්ල - බල්ලපාන විල්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කෝප්‍රල් රුවන් දිසානායක මහතාද මියගිය අය අතර වනවා.

මියයන විට ඔහු දෙදරු පියෙක්.

අනතුරින් කහටගස්දිගිලිය රන්පත්විල උතුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 37 හැවිරිදි කෝප්‍රල් සමන් කුමාර කුලවිට මහතාටද දිවි අහිමි වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථය පදවාගෙන ගිය නායක ගුවන් භට රංජිත් ප්‍රසන්න මහතාද මෙම අනතුරින් මියගිය අතර ඔහු කොස්ගම - රන්දෙව්ගම පදිංචි අයෙක්.

මියයන විට 28 වැනි වියේ පසුවූ රංජිත් ප්‍රසන්න මහතාද විවාහකයෙක්.
 
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka