බලපත්‍රය සහිතව මත්පැන් අලෙවි කරන මත්පැන් අලෙවි සලකින් මිලදී ගත් බීර ටිං එකක් මහ පාරේ ගමන් කරමින් ප්‍රසිද්ධියේ පානය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් කිරිබත්ගොඩ පරිසර පොලිසිය ඔහුට විරුද්ධව මහර අධිකරණයේ නඩු පැවරීය.
පසුගිය 14 වැනිදා බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාරවරිය කිරිබත්ගොඩ නගරයේ නිරීක්‌ෂණ චාරිකාවේ යෙදීමෙන් පසුව කිරිබත්ගොඩ බස්‌නැවතුම අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් සැකකරු කිරිබත්ගොඩ නගරයේ ප්‍රධාන බස්‌නැවතුම ඉදිරිපිට පිහිටි මත්පැන් අලෙවි සලකින් බීර ටින් එකක් මිලදී ගෙන එය ප්‍රසිද්ධියේම පානය කරමින් පාරේ ගමන් කරන අයුරු දැක ඔහු නවතා මෙම ක්‍රියාව නීති විරෝධී බව පෙන්වා දෙන අයුරු දක්‌නට ලැබිණි.
තමන් පාර්ලිමේන්තුවේ එක් අංශයකට අනුයුක්‌තව සේවය කරන බව පැවසූ ඔහු එහි අනන්‍යතාවය ඔප්පු කිරීමට සේවා හැඳුනුම්පතද පොලිසිය වෙත ඉදිරිපත් කළ නමුත් එය නිතියෙන් බේරී පලා යැමට හේතුවක් නොවන බැවින් ඔහුගේ හැඳුනුම්පත පරීක්aෂාවට ලක් කර ප්‍රකාශයක් සටහන් කර ගනිමින් 17 වැනි අඟහරුවාදා මහර අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දුන්නේය. කැමා වර්ගයේ

කලිසමකින් සැරසී අවුකණ්‌ණාඩි යුවළක් හිස පැළඳ සිටි තරුණයා සතුව පාර්ලිමේන්තුවේ සේවකයකු බව සඳහන් සේවා හැඳුනුම් පතක් තිබූ බවත් නීතිය දන්නා පුද්ගලයන් නීතිය කැඩීම රටේ අභාග්‍ය බවත් පොලිසියේ රාජකාරිය වන්නේ තරාතිරම නොබලා වරදට එරෙහිව නීතිමය කටයුතු කිරීම බවත් කිරිබත්ගොඩ පොලිසියේ පරිසර අංශයේ නිලධාරීයකු පැවැසීය.
බීර ටිං 100 කට අධික ප්‍රමාණයක් 14 වනදා එම මත්පැන් අලෙවි සල අසල විසිකර දමා තිබියදී සොයා ගෙන ඒවා සියල්ල විනාශ කළ බවත් පොලිසිය පැවැසීය. බීර ටිං එක මිලට ගෙන එය පානය කරමින් මහමඟ යන පුද්ගලයන් හිස් ටිං එක මහමඟ දමා යන බවත් ඩෙංගු මදුරුවන් බෝවීම මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් නිසා වැඩි වන බවත් පොලිසිය පැවැසීය

under the courtesy of divaina.com news web