13 හැවිරිදි තම බාල වයස්‌කාර දියණිය කලක් තිස්‌සේ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කර දියණියගේ නිරුවත් දර්ශන සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනය මගින් ලබාගත් නරුම පියකු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දසලක්‌ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
ලිංගික අපචාර ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් නඩු පවරා අධිචෝදනා භාරදී මෙන් අනතුරුව අත්අඩංගුවට පත්වූයේ 44 හැවිරිදි පියෙකි.
මෙහි නඩු විභාගයේදී පැමිණිල්ලෙන් අනාවරණය වූ කරුණු අනුව විත්තිකරු විසින් තම බිරිඳ නිවසේ

නොසිටි අවස්‌ථාවලදී දියණියට බරපතළ ලිංගික අතවර සිදුකර එම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථනය මගින් ලබාගෙන ඇත.
විත්තිකරු ගේ හැසිරීමේ වෙනසක් දුටු ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් විත්තිකරුගෙන් විමසා ඇත. විත්තිකරු විසින් තම දියණිය සමග පැවැත්වූ අනියම් ඇසුරෙන් පසු ඔහුට තම විවාහක බිරිඳ එපාවී ඇත.
රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මනේෂ් වෑවිට මහතා පෙනී සිටියේය. මීගමුව පොලිසියේ සැරයන් (30614) වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය.

under the courtesy of divaina.com news web