Tuesday, December 24, 2019

රාජිතව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

“සුදුවෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන්ට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(24) වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ රහස් පොලිසියෙන් කළ ඉල්ලීමකට අනුවයි.




පෙර පුවත්
 
රාජිතව අත්අඩංගුවට ගන්නැයි CIDයට නීතිපතිගෙන් උපදෙස්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙසත් ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලෙසත් නීතිපතිවරයා විසින් දෙසැම්බර්
24, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

“සුදු වෑන් මාධ්‍ය හමුවට” අදාළව මන්ත්‍රීවරයාව මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ.
රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනම් කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙසැම්බර් 23, ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

රහස් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ආගමන සහ විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කරන ලද වාර්තාව මගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය වී තිබෙන “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව” හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ  ඔහුගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි. කරුණු එසේ තිබියදී රාජිත සේනාරත්න මහතා විදේශ ගත වූ ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඒ මහතා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කර ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.

under the courtesy of rivira.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka