Saturday, November 2, 2019

සමාජ මාධ්‍යවල තමන්ව විහිලුවට ගනිද්දී හැමෝම පුදුම කරවමින් මහින්ද දේශප්‍රිය විහිළුවෙන්ම උත්තර දීපු හැටි

මේ දවස්වල මැතිවරණ උණුසුමින් ලංකාව නොසෑහෙන්න උණුසුම් වෙලා තියනව කියන එක නොරහසක්. එහෙ බැලුවත් මෙහෙ බැලුවත් කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන. ජනාධිපතිවරණ අපේක්ෂකයෝ ගැන. ඒ විතරක් නෙමෙයි ඡන්දේ කාලෙට කරලියට එන මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්තයා ගැන හැමතැනම හරි හරියට කතා වෙනවා. බොහොම අවංක, නිරහංකාර, සේවයට ඇප කැප වුන රාජ්‍ය සේවයේ ඉහල නිලධාරියෙක් විදිහට තමයි හැමෝම එතුමන්ව හඳුන්වන්නේ.

ඉතින් මැතිවරණය කාලෙට එතුමන් විවිධ මාධ්‍ය සකච්ඡා පවත්වමින් කියන කරන දේවල්

සම්බන්ධයෙන් ගොඩක් අය ලොකු අවධානයක් දෙන්නේ ඒ කතාවල තියන හරවත් බව වගේම රසවත් බව නිසාමයි. ඉතින් ඔන්න එතුමා ඔහොම කියපු කතා කිහිපයක්ම පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්වුනා ඔබට මතක ඇති. බොහොමයක් ඒවා නිර්මාණය වෙලා තිබුනේ ඒ කතා ඇතුලේ තිබුන හාස්‍ය ගුණය මතුකරමින් කිව්වොත් හරි. ඉතින් පහුගිය දවසක මෙවර අලුත් ඡන්ද පත්‍රිකාව සම්බන්ධව පැවති දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී ඡන්ද පත්‍රිකාව අතේ තියාගෙන ඉන්න එතුමාගේ පින්තූරයක් සමාජ මාධ්‍ය හරහා විවිධ අයුරින් සංසරණය වුනා. බොහොම අපූරු තේමාවන් එක්ක ශෙයාර් වුන ඒ පින්තූරයට ඉහලම ප්‍රතිචාර ලැබුනා කිව්වොත් හරි.

මේ අතරේ ලංකාවේ එක්තරා මාධ්‍යවේදියෙක් ඒ පින්තූරය ශෙයාර් කරලා තිබුනේ මෙන්න මේ වගේ අපූරු කතාවක් එක්ක.

"පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනි

අකුරට ආ දා ඇගේ සිත බැඳුණී

ඇය අත හරින්න මට දුක හිතුණී

මට සමාවෙන්න කවුරුද වැරදී"      

හාස්‍යට බර මේ කතාවට ගොඩක් අයගේ ප්‍රතිචාර ලැබිලා තිබුනත් ඒ එකක්වත් එතුමන්ට මදක් විදිහට ගොඩනැගුනු ඒවා නෙමෙයි. ඒ හැම එකක් ඇතුලෙම තිබුනේ සරල රසවින්දනයක්. පුංචි හාස්‍යයක්. එතුමන් වෙනුවෙන් ගොඩනැගුනු තමන්ගේකමක්. ආදරයක්. ඉතින් එක එක අය එක එක කමෙන්ට් දාද්දි ඒ අතරේ දැකලා පුරුදු නමක් මූණක් තියනව දැකපු හැමෝටම ඇතිවුනේ එසේ මෙසේ පුදුමයක් නෙමෙයි.

මොකද තමන්ගේ ඡායාරූපයක් එක්ක කියලා තියන මේ විහිලු කතාව දැක්ක මහින්ද දේශප්‍රිය මහත්තයත් දෙපාරක් නොහිතම ඒ වෙනුවෙන් කමෙන්ට් එකක් දාලා තිබුනා මේ විදිහට.

"මේකාගෙ පෙම්පත ලියා තිබෙන්නේ අදිසි තීන්තෙනි. කියවීමට ඉටිපන්දමකින් මදක් රත් කර ගතයුතු බව සොයා ගතිමි."

තමන්ව මෙහෙම විහිලුවට ගත්ත එක ගැන පොඩි තරහක්වත් නැතුව ඒක හිනාවෙන්ම අමතක කරන්න පුළුවන් මේ වගේ නායකයෙක් බලය වෙනුවෙන් ඇනකොටා ගන්න අපේ රටේ අනිත් නායකයන්ට ලොකු ආදර්ශයක් කියලා හැමෝම කියන්න පටන් ගත්තා. මේ තරම් වැඩ රාජකාරි බහුල කාලයක වුනත් මෙහෙම සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න පුළුවන් එතුමා කොච්චර සුන්දර මනුස්සයෙක් වෙන්න ඇතිද කියලා හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඉතින් මේ කතාව කොච්චර දුරදිග ගිය එකක්ද කිව්වොත් එතුමා පලකරලා තිබුන ඒ කමෙන්ට් එකට විතරක් 1000කට වැඩි පිරිසක් කැමැත්ත පලකරලා තිබුනා.

මේ කතාවෙන් එතුමා ගැන පැහැදීමෙන් හිටපු අයගේ වගේම විශේෂයක් නොදැක්වූ අයගෙත් හිත්වල පොඩි අවංක ආදරයක් ඇතිවුනා කියලා නොකිව්වොත් ඒක බොරුවක්.



under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka