Sunday, October 20, 2019

ප්‍රංශ යුවතියන්ට උසුළු විසුළු කළ පුද්ගලයන් 700කට සිදු වූ දේ

ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන්ට හිංසා කිරීම නොහොත් හිරිහැර කිරීම මුල් කරගෙන ප්‍රංශයේ පිරිමින් හත්සිය දෙනකු (700) බරපතළ දඬුවම් ලබා තිබෙනවා. මේ පිරිසට ඒ මොහොතේම පවුම් 839 ක දඩයක් ගැසූ බව ද වාර්තා වෙයි. මේ මුදල අය කරන ලද්දේ එක් අයකු වෙනුවෙන් බව වැඩිදුරටත් දැන ගන්නට ලැබෙයි. කාන්තාවන්ට උසුළු විසුළු කිරීම සහ විසිල් කිරීම ප්‍රංශයේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන ක්‍රියා දාමයකි. සමහර පිරිමින් රහසඟ ප්‍රදර්ශනය කරමින් කාන්තාවන් ඉදිරියේ හැසිරෙන බව ද මෙවැනි නරුමයන් අල්ලා දැඩි දඬුවම් දීමට පොලිසිය ක්‍රියා කරන්නේ යැයි ද වාර්තා වෙයි. විශේෂයෙන්ම කුඩා දැරියන් ඉදිරියේ නරුමයන් ලෙස හැසිරෙන අයට බරපතළ දඬුවම් දීමට නීති සම්පාදනය කර ඇති බව ද දැන ගන්නට ලැබෙයි.

මේ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පත් කර සිටින ඇමැතිවරිය වන මාලේන් ෂියප්පා කාන්තාවන්ට හිරිහැර කළ විශාල පිරිසකට දඩ ගසා දැඩි දඬුවම් පමුණවා ඇතැයි ද කියා සිටියි. බොහෝ විට කාන්තාවන්ට අපහාස වෙන
ලෙස උසුළු විසුළු කරන්නේ දුම්රිය හා බස් පොළවලදී යැයි කියන කාන්තා සංවිධානයක සාමාජිකාවක් වන අනයිස් බාඩෝ මෙවැනි නරුමයන්ට දඬුවම් කිරීම සඳහා පනවා ඇති දඬුවම් බරපතළ නැතැයි ද කියා සිටියි.

කාන්තා හිංසනයන් ගැන කුඩා පිරිමි දරුවන්ට පාසලේදීම එහි ඇති බරපතළකම ගැන කරුණු කියා දිය යුතු යැයි කියන බාඩෝ නොමඟ ගිය වැඩිහිටියන්ට මේ ගැන කරුණු කීමෙන් ඵලක් නැතැයි ද කියා සිටියි. කාන්තාවන්ට උසුළු විසුළු කරන්නන් වෙනුවෙන් දැනට පනවා ඇති සුළු දඩ මුදල මදි යැයි ද ඇය කියා සිටින්නීය.

මේ අතර එක්තරා පුද්ගලයෙක් පසුගියදා පැරිසියේ බස් නැවතුම්පොළක සිටි කාන්තාවකගේ බඩට පහරක් එල්ල කළේය. එපමණක් නොව ඇයට උසුළු විසුළු කිරීමට ද පටන් ගත්තේය. මෙයින් කෝප ගත් කාන්තාව බස් නැවතුම්පොළ අසල තිබූ පොලිසියට ගොස් පැමිණිල්ලක් කළාය. පොලිසිය ඒ මොහොතේම කාන්තාවට පහර ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළේය. උසාවිය ඔහුට අවුරුදු තුනක සිර දඬුවමක් නියම කරමින් යූරෝ 300 ක දඩ මුදලක් ද අය කළේය.

කාන්තාවන්ට උසුළු විසුළු කිරීමේ කැත පුරුද්ද දැන් රටවල් කීපයකටම බෝවී ඇතැයි ද දැනගන්නට ලැබී තිබේ.

"දිවයින"
ආතර් යූ. අමරසේන 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka