Friday, October 18, 2019

පාසලේ පැවති සරස්වති පුජාවට සහභාගි වී නිවසට යමින් සිටි 14 හැවිරිදි දැරියක් අතුරුදන්වෙයි

වයස අවුරුදු දාහතරක සිසුවියක් පාසල නිමවී ගෙදර යමින් සිටියදී අතුරුදහන් වී ඇති බව දැරණියගල පොලිසිය පවසනවා.

මෙම දැරිය දැරණියගල ශ්‍රි කදිරේෂන් දෙමළ මහ විදුහලේ ඉගෙනුම ලැබු බව සඳහන්.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ දැරණියගල උඩහේන්කන්ද ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර මෙම සිසුවිය එම පැසලේ පසු ගිය නවවෙනිදා පාසලේ පැවති සරස්වති පුජාවට සහභාගි වී පස්වරු පහට පමණ ගෙදර යමින් සිටියදී මෙම සිසුවිය හදිසියේ අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සිසුවිය නිවස දක්වා ගමන් කරන මාර්ගයේ සීතාවක ගඟ හරහා ඇති බන්ඩාරවත්ත කම්බි පාලමෙන්ද එගොඩට ගිය බව මෙම සිසුවියත් සමග පැමිණි තවත් සිසුවියක් පොලිසියට පවසා ඇත.
මෙම සිසුවිය අතුරුදහන් වීම පිළිබදව සිසුවියගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක වසන්ත අලහකෝන් මහතා විසින් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම දැරිය අතුරුදහන් වු මාර්ගයේ පිහිටි බන්ඩාරවත්ත කම්බි පාලම ආසන්නයේ සීතාවක ගග පොලිස් නාවික කොට්ඨාසයේ නිළධාරින් යොදවා පරික්ෂා කර ඇති අතර ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව දැරිය ගමන් කල මාර්ගය දෙපස සොදිසි කිරීමකට ලක් කලත් කිසිම තොරතුරක් සොයා ගැනීමට නෙැහැකි වී තිබෙනවා.

මෙම සිසුවිය අතුරුදහන් වීමට පෙර දින වල පියාගේ දුරකථනයෙන් ලබා ගත් ඇමතුම් පිළිබදව මේ වන විට පොලිසිය කරුනු සොයමින් පවතින අතර මෙම දැරිය අතුරුදහන් වීම පිළිබදව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් කීප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය පිළිබදව දැරණියගල පොලිසි ස්ථානාධිපති පොලිසි පරික්ෂක වසන්ත අලහකෝන් මහතාගේ උපදෙස් මත වැඩි දුර පරික්ෂණ පවත්වනවා


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka