Friday, October 5, 2018

වෙඩි තබන් දිවි නසා ගැනීමට හැදූ සැරයන්ව අත්අඩංගුවට.

තමන් හට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බවට ප්‍රකාශ කරමින් කලුතර තෙබුවන ප්‍රදේශයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන් ලෙස හැසිරුනු පොලිස් නිලධාරියාගේ සේවය වහා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා. අදාළ සැරයන්වරයා සඳහන් කළේ තමා නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තෙඹුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉඩ නොදුන් බවයි.

අත්අඩංගුවට ගනු ලැබූ නීතිවිරෝධී වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නිදහස් කර යවා ඇති බවත් නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් තමන් වෙඩි තබා ගන්නා බවට එම සැරයන්වරයා
ප්‍රකාශ කරමින් අද දහවල් 12ට පමණ තම සේවා ස්ථානයෙන් පිටතට පැමිණ මෙලෙස සිය ගිනි අවිය පෙන්වමින් සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බව සදහන් කළා.

සිදුවීම සැලවීමෙන් පසු එම පොලිස් නිලධාරියාගේ බිරිඳ හා කුඩා දියණිය එම ස්ථානයට පැමිණ සියදිවි හානිකර නොගන්නා ලෙස ඉල්ලමින් හඬා වැටි තිබෙනවා.

මෙහිදී තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ඔහු සමග සාකච්ඡා කිරීමේදී සැරයන්වරයා සදහන් කළේ නීතිගරුක නිලධාරියෙක් වන තමන් සාධාරණය අපේක්ෂා කරන බවයි.ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරියෙකු සැරයන් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කිරිමට ගත් උත්සාහය ද ව්‍යර්ත වී ගියා.

ඉන් පසු කළුතර ප්‍රදේශය භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද එම ස්ථානයට පැමිණියා. පැය දෙකක පමණ කාලයකින් පසු සැරයන් ගුණවර්ධන මහතා මෙල්ල කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත්තා.

මෙහිදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුවූයේ නැහැ.පොලිසිය සදහන් කළේ සැරයන් සරත් ගුණවර්ධන මහතා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කළ බවයි.

පොලිස් මුලස්ථානය සදහන් කලේ පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගනු ලැබූ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයේ අවසර පත්‍රය තිබු නිසා තෙඹුවන පොලිස් ස්ථානාධිපතිවරයා නිදහස් කර යැවීමට පියවර ගෙන ඇති බවයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka