Thursday, September 27, 2018

නරුම පියෙක් අතින් ගැබිනියක වූ අසරණ දැරියකගේ සංවේදී කතාව

සමනලී ඉගෙන ගත්තේ වැල්ලව පැත්තේ ප්‍රාථමික විදුහලක. ඇගේ අම්මා ඇය හා ඇගේ පුංචි මල්ලි දාලා ගියේ මෙයට කාලයකට පෙරයි. පිල්ලව වත්ත පැත්තේ අටවගත්ත පුංචි පැලක මේ තුන් දෙනා ජීවත් වුණා. තදින්ම මතට ඇබ්බැහි වුණ සමනලීගේ තාත්තා රස්‌සාව හැටියට කළේ කුලියට පොල් කැඩීමයි.

ගෙපැල මැද්දේ තිබුණ එකම ගෘහ භාණ්‌ඩය ඇඳයි. දරු දෙන්නාගේ පාසල් පොත් ටික තියා ගත්තෙත්, පාඩම් කළෙත්, කවුරුත් ආවොත් වාඩි වුණෙත්, තුන් දෙනාම රෑට නිදා ගත්තෙත් මේ කබල් ඇඳෙයි. පැත්තක ලිපක්‌ හදාගෙන මොනවා හරි රත් කරන් කෑවා.

දුක්‌ කරදරවලට හුරුවෙලා හිටපු මේ දරු දෙන්නා ඉගෙන ගන්න හරිම දක්‌ෂයි. ඒ නිසා ගුරුවරුත්
ඔවුන්ට කරුණාවන්තයි.

කාලය මෙසේ ගෙවී යද්දී පුංචි සමනලී පාසලේ පංතියේදීම ලොකු ළමයෙක්‌ වුණා. සමනලීගේ පවුලේ තත්ත්වය දන්න නිසා පංති භාර ගුරුතුමී මේ ගැන සහෝදර ගුරුවරුන්ට කියලා පාසලේ අල්ලපු ගෙදරකට සමනලීව ගෙනිහින් රෙදි නැන්දා කළ යුතු චාරිත්‍ර ගුරුතුමී කළා. තවත් ගුරුතුමීයක්‌ ඇගේ කණට අරුංගල් දෙකක්‌ ගෙනත් දැම්මේ ලොකු ලොකු පූජාවල්වලට රුපියල් දහස්‌ ගණන් දෙනවාට වැඩිය මේ අහිංසකිගේ කණට අරුංගල් දෙකක්‌ දාන එක මහා පිනක්‌ කියලයි.

දවස්‌ කාටවත් හොරා ගෙවී ගියා. දරුවනුත් බොහෝ දේවල් ලෝකෙට සඟවාගෙන පාසල් ගියා. බේබදු පියා හම්බ කරන මුදලින් කසිප්පු මදිවට ගංජාත් බිව්වා. අම්මා පෙම්වතා සමග වෙනත් කැදැල්ලක නැළවුණා. මේ සියල්ල මැද්දේ සමනලීත් වෙනදාට වැඩිය දවසින් දවස ලස්‌සන වුණා. පසුගිය දවසක පංති භාර ගුරුතුමීට සමනලීගේ වෙනසක්‌ දැනුණා. දුවේ, මොකක්‌ හරි අසනීපයක්‌ තියෙනවාද? ඇය කාරුණිකව දැරියගෙන් ඇහුවා. කෙසේ නමුත් ගුරුතුමීට අහන්න ලැබුණේ බලාපොරොත්තු නැති පිළිතුරක්‌. ඇය වහාම මේ ගැන වැල්ලව පොලිසියට පැවසුවා.

වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නිශාන්ත හේරත් මහතා වහාම කාන්තා පොලිස්‌ නිලධාරිනියක්‌ යවා සමනලීව ගෙන්වා ගත්තා. ඇය වෛද්‍යවරයකු වෙත යැව්වා. වෛද්‍යවරිය පැවසුවේ ඇය අම්මා කෙනෙකු වීමට යන බවයි. පුතේ, නුඹට මේ අපරාධය කළේ කවුද? පොලිස්‌ ස්‌ථානාධිපතිතුමා සමනලීගෙන් ඇහුවා. දැසේ කඳුළු පුරෝගෙන ඇය ඇත්තම ඔහුට කීවා. සමනලීගේ නරුම පියා පොලිසියට ගෙන්වා ගෙන ගිනිපුපුරු විහිදෙන දැසින් ඇයි උඹ මේ දරුවාට මේ වගේ අපරාධයක්‌ කළේ? ගිගුරුවා සර්, මම බීලා ආපුවාම රෑට මොනවා වෙනවා දැයි මතක නෑ. සමනලීගේ සොහොයුරාගෙන් මේ ගැන විමසුවා. ඒ පිළිතුරු පුවත්පතක පළ කරන්න බැහැ.

නීතිය ක්‍රියාත්මක වුණා. නරුම පියා බන්ධනාගාරගත වුණා. දරු දෙන්නා පරිවාස භාරයට පත් වුණා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka