Thursday, September 27, 2018

පියා තම දෙවැනි පුතාවත් ඝාතනය කරයි

 මාතර, සිරිවිජය මාවතේ වල්ගම ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් සිය පුත්‍රයාට විදුලි සැර වැදෙන්නට සලස්වා ඝාතනය කර ඇති බවට මාතර පොලීසිය පවසයි. ඊයේ (25) රත්‍රී 9.30-10 ත් අතර කාලය තුළ මෙම ඝතනය සිදුව ඇති බවට තොරතුරුවාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කළේය. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය පියා විසින් සිදු කරන්නට ඇති බවත් ඝතනය සිදුකළ පියා, සිය බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව,වෙනම ජීවත්ව සිටි බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රීයේ මිය ගිය පුතා බීමත්ව සිය පියාගේ නිවසට පැමිණ ඇති අතර එහිදී පියා සමඟ බහින් බස්
වී පිටව ගොස් තිබේ.

පසුව මිය ගිය පුතා නැවත පියාගේ නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පියා විසින් නිවස ඉදිරිපිට ඇද තිබූ විදුලි කම්බියක වැද්ද වීමෙන් පුත්‍රයා මිය යෑමට සළස්වා  ඇති බව අනාවරණය වී තිබේ.

ඝාතනය සිදු කළ පියා විසින් ඔහු නැවතී සිටි නිවස ආවරණය වන පරදි විදුලි රැහැන් ඇද තිබේ. මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්තා මතියගේ උදාර මධුසංඛ නැමති 30 හැවිරිදි වියේ පසුවූ අවිවාහක තරුණයෙකි.

මේ අතර මීට වසර 8කට පෙරද මෙම සැකකාර පියා විසින් සිය වැඩිමල් පුත්‍රයාට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ වරදට බන්ධනාගාර ගතව සිට 2017 ඔක්තොම්බර් 10 වන දින නිදහස ලබා පැමණ සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඝාතනයට සම්බන්ධ සැකකාර පියා ප්‍රදේශයේ පලාගොස්ව සිටිය දී මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරීමෙන් අනතුරුව පශ්චාත් මරණ සඳහා මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka