Thursday, September 27, 2018

අලියා දැක දිව්ව අම්මයි දරුවෝයි කාර් එකක හැප්පී මරුට

පොතුවිල් කුංඤ්ඤං ඕඩය ප්‍රදේශයේ 24 වැනිදා සිදුවූ රිය අනතුරකින් තිදෙනකු මියගොස්‌ එක්‌ අයකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව පොතුවිල් පොලිසිය පවසයි. අක්‌කරපත්තුව දෙස සිට පොතුවිල් දක්‌වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක ඉන්ධන අවසන් වීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ ස්‌ථානයේ ත්‍රිරෝද රථය නතර වී ඇත. ඉන් අනතුරුව එය මගීන් සමඟ එම ස්‌ථානයේ දමා ත්‍රිරෝද රථයේ රියෑදුරු ඉන්ධන රැගෙන ඒම සඳහා ගොස්‌ තිබේ. එම අවස්‌ථාවේ වන අලියකු පැමිණීම හේතු=වෙන් කලබල වූ
ත්‍රිරෝද රථයේ සිටි පිරිස බියවී පාර පැන යැමට උත්සාහ කළ අවස්‌ථාවේ පැමිණි මෝටර් රථයක මොවුන් ගැටී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම අනතුර 24 වැනිදා සවස 6.30 ට පමණ සිදුවී ඇත. මෙම අනතුරින් මියගොස්‌ තිබෙන්නේ මුහුදු මහ විහාර මාවත පොතුවිල් 3 ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනකු වන වයස අවුරුදු 34 ක අම්මා, මාස 6 ක්‌ වයසැති දුව සහ වයස අවුරුදු 11 ක පුතා බව පොලිසිය පවසයි. වයස අවුරුදු 12 ක දුව අසාධ්‍ය තත්ත්වයෙන් මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය අයගේ මෘතදේහ දෙකක්‌ පොතුවිල් රෝහලේ ද එකක්‌ අක්‌කරපත්තු රෝහලේ ද තැන්පත් කර ඇත. මෙම පිරිස අනතුරට ලක්‌ කරන ලදැයි සැක කරන මෝටර් රථය සහ එහි රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර මෝටර් රථ රියෑදුරු බන්ධනාගාර ගත කර ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පවසයි. පොතුවිල් පොලිsසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka