Saturday, August 11, 2018

A සමාර්ථ අරන් දෙන්න එන්න කියා සිසුවිය දූෂණය කරලා

ගණිත විෂයට “ඒ“ සමාර්ථ ලබා ගැනීමට හැකියාව ලැබෙන පරිදි උගන්වන බව පවසා වසර දෙක හමාරක සිට පාසල් දැරියක් දූෂණය කරන ලද උපකාරක පන්ති ගුරුවරයෙකු අද (11දා) දහවල් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනතිබේ. දැරියගේ සහෝදරයාට ඇති වු සැකයක් මත මෙම දැරියගෙන කරන ලද ප්‍රශ්න කිරීමේ දී මේ බව අනාවරණය කර ගෙන තිබේ.

සිසුවිය පමණක් බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තියට ගෙන්වා එහි දොර වසා පළමු වරට දූෂණය

කිරීමෙන් එදින සිට වරින් වර දැරිය සමඟ සැකකාර ගුරුවරයා ලිංගිකව හැසිරී ඇති බව පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඒ සෑම අවස්ථාවකම දැරිය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා දැරියට පෙති වර්ගයක් ලබා දී ඇති බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නීතියානූකූල බිරිඳ විදුහල්පතිනියක් බව අනාවරණ වී තිබේ.

එසේ වුවද  සැකකරු ඔහුට වඩා වසර 20 ක් බාල ගුරුවරියක් සමඟ පවුල් ජීවිතය ගත කරන බවට ද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත.

ගුරුවරයා විසින් ඇයට ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් විටින් විට බියවද්දා අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක් කර ඇති බවයි අදාළ පාසල් සිසුවියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

සැකකාර උපකාරක පංති ගුරුවරයා ඊයේ (10) අදාළ සිසුවියගේ ජංගම දුරකථනයට ලබාගත් දුරකථන ඇමතුමක් ගැන සැක සිතූ ඇයගේ සහෝදරයා ඒ පිළිබඳව ඇයගෙන් ප්‍රශ්නකර තිබෙනවා.

ඇය එහිදී තව දුරටත් ප්‍රකාශ ඇත්තේ අදාල උපකාරක පංති ගුරුවරයා වරින් වර බණ්ඩාරගම නගරයේ ඖෂධ වෙළඳසැලකින් ලබාගත් පෙති වර්ගයක්ද තමන්ට පානය කිරීමට ලබා දුන් බවයි.

එම පාසල් සිසුවිය මේ වනවිට කළුතර ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට අදාළ 52 හැවිරිදි සැකකාර උපකාරක පංති ගුරුවරයා පස්දරු පියෙක්ද වන අතර ඔහු අද (11) හොරණ මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka