ගැබ් ගෙන ඇති බවට අසත්‍ය චෝදනා නඟා පාසලෙන් ඉවත් කළ දැරියට මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැතිනම්, ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මවුපියන්ගේ කැමැත්ත මත ලබා දීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය
මුහුණපා ඇති ගැටලු අවම කර ගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙස ද ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය
මෙම දැරිය කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී ගැබ්ගෙන ඇති බවට අසත්‍ය චෝදනාවක් නඟා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)