Friday, October 6, 2017

වසර අටකට පෙර මරා වැළලූ පියාගේ සිරුර අද ගොඩගනී.

මීට වසර අටකට  ඉහතදී මාවල කුරුන්ද ප‍්‍රදේශයේ සිදු වූ බව කියන පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ අයගේ පුතකු සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්වඇත්තේ මාවල කුරුන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි කරුණාදාස පෙරේරා නමැති හැට හැවිරිදි අයෙකි. වාද්දුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. අජිත් පිටිගල මහතාට ලද තොරතුරක් මත සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව අභිරහස් ඝාතනයක සුල මුල වසර අටකට පසු හෙළි කොට ගෙන ඇත.

2009 වසරේ අගෝස්තු මස 04 වැනි දින පුතා තම පියා කොට්ටයකින් මුහුණ තද කොට නිවසේදී ඝාතනය කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එසේ ඝාතනය කළ පියාගේ සිරුර
සැකකාර පුතා විසින් වෘත්තියෙන් වඩුවකු වන සිය මිතුරකුගේ ත‍්‍රීරෝද රථයෙන් එදින රාත‍්‍රියේ මොරොන්තුඩුව කන්දකඬේ සුසාන භූමියට රැුගෙන විත් වළදමා ඇති බව පොලිසිය පවසයි.

එම  ත‍්‍රිරා්ද රථයේ හිමිකරු වන සැකකාර පුත‍්‍රයාගේ මිතුරාද අත්අඩංගුවට ගෙන ඇත. එවකට තිස් දෙහැවිරිදි වියෙහි පසු වූ සැකකාර පුත‍්‍රයාගේ  මවද (මිය ගිය අයගේ බිරිඳ* ඊට මාස තුනකට පමණ ඉහතදී මිය ගොස් ඇත. සැකකාර  පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධයකට විරුද්ධ වීම නිසා තම පියාව මෙලෙස ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක කරයි.

මෙම ඝාතනය සිදු කොට දින දෙකකට පසුව තම පියා අතුරුදන් වූ බවට සැකකාර පුතා මොරොන්තුඩුව පොලිස් මුරපොළට පැමිණිල්ලක් කොට ඇති බවද පොලිසිය පවසයි.

සැකකාර පුත‍්‍රයා යුද හමුදාවට අනුයුක්තව සේවය කරන අයකු බවත් යුද හමුදාවද දැනුවත් කොට ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන්ගෙන් ලද ප‍්‍රකාශවලට අනුව වාද්දුව හා මොරොන්තුඩුව පොලිස් ස්ථානවල  නිලධාරීහු සහ සොකෝ නිලධාරීහු කන්දකඬේ සුසාන භූමියේ පුළුල් විමර්ශන සිදු කළහ. මෙම ආරංචිය ප‍්‍රදේශයේ පැතිර යාමත් සමග ජනතාව විශාල පිරිසක් ඊයේ (02) මොරොන්තුඩුව කන්දකඬේ සුසාන භූමිය අසලට රැුස් වූහ.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී පී.ආර්.පී.සේනානායක මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහතාගේ අධීක්ෂණය මත වාද්දුව පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. අජිත් පිටිගල මහතාගේ මෙහෙයවීම සහ උපදෙස් පරිදි  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති තුසිත සිල්වා, පො.සැ. (25311* ශාන්ත, (55185* පුෂ්ප කුමාර, (41118* රත්නසිරි, පො.කො. (79439* ප‍්‍රතාපසිංහ, (88739* අත්තනායක, (39144* මුණසිංහ  මහත්වරුන්  ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති. සැකකරුවන් ඊයේ (02* අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මිය ගිය අයගේ සිරුර අද (03* ගොඩ ගැනීමට නියමිතය.

ජනක හෙට්ටිආරච්චි / රූ.පී.සුසෙව්හේවා – පානදුර අධිකරණ / වී.එම්.ගමගේ -මිල්ලනිය /එස්.එස්.එච්.ලූණුවිල – මොරොන්තුඩුව

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka