Friday, October 6, 2017

රෝහින්ග්‍යා ගැටුම - තරුණියට රූ රැජිනට කිරුළ අහිමි වේ

'රකයින්' පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය 'රූ රැජින සම්මානය' තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි. 'රකයින්' පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ 'ග්‍රැෆික්' වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි 'රූ රැජින' කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි
පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම 'ආදර්ශමත් චරිතයකට නොගැළපෙන' බව පෙන්වා දෙති.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැත.

"පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින" බව ස්වේ ඒන් සි පවසන්නීය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka