Monday, October 9, 2017

සැමියා මළ සොවින් බිරියත් මිය යයි

රෝගී වී සිටින තම බිරියට හා වයෝවෘද්ධ තමන්ට සැලකීමට කිසිවකු නොමැති නිසා සිත් තැවුලට පත්වූ පුද්ගලයෙක් ගෙල වැලලාගෙන සිය දිවි නසා ගැනීමෙන් පසු එය ආරංචි වීමත් සමඟ ඔහුගේ බිරියද මිය යෑමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ.

මෙසේ සිය දිවි නසාගෙන ඇත්තේ නල්ලච්චිය, තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි බමුණුආරච්චිගේ සෝමපාල (71) නමැති දෙදරු පියෙකි. එම සිද්ධිය ආරංචි වීමත් සමඟ මියගොස් ඇත්තේ ඔහුගේ බිරිය වන දිසානායක මුදියන්සේලාගේ පුංචි මැණිකා (65) නමැති අයෙකි.

වඩු කාර්මිකයකු වශයෙන් දිවි ගෙවූ මෙම පුද්ගලයා වසර ගණනාවක සිට අංශභාග රෝගය වැලඳී ඇති තම බිරියට උවටැන් කරමින් ජීවත් වී තිබේ.
සමාජයට වැඩදායි පුද්ගලයන් බිහිකිරීම සඳහා තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදී ඇති මොහු අවසානයේදී රෝගී බිරිය සමඟ අසරණ වී තිබේ. තමන්ට ජීවත්වීමට මඟක් නොමැති නිසා නිතරම
කල්පනා කරමින් සිටි මේ පුද්ගලයා ඉකුත් 6දා සවස තම කුඹුරේ ඇති ගසක ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
මේ සිද්ධිය ආරංචි වීමෙන් පසු ඊට පසුදා දහවල් ඔහුගේ රෝගී බිරියද හදිසියේ මියගොස් තිබේ. මියගිය අඹු සැමියන් දෙපළගේ අවසන් කටයුතු එකම දිනයකදී සිදු කිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය තඹුත්තේගම හදිසි මරණ පරීක්ෂක එන්. හිටිහාමු මහතා විසින් සිදුකළ අතර සාක්ෂි විමසීම තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පො.කො. අජිත් (45555) මහතා විසින් මෙහෙයවීය.

සිය දිවි නසා ගැනීම අනුමත කළ නොහැකි වුවත් වෙර වීරිය ඇති දා තම ශක්තියෙන් තම දරුවන් පෝෂණය කළ පියවරුන් හා මවුවරුන් රැක ගැනීම දරුවන්ගේ යුතුකම හා වගකීම බවත් මෙවන් සිද්ධි සමාජයේ සිටින කාටත් පාඩමක් උගන්වන බවද මරණ පරීක්ෂකවරයා සඳහන් කළේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka