Monday, October 9, 2017

රජයේ අනුමත ක්‍රමයෙන් බැහැරව නීතිවිරෝධීව කතුන් ගෘහ සේවයට යවන මහා මිනිස් ජාවාරමක් දකුණු පළාතේ

ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධානම මාර්ගය වන්නේ විදෙස්ගත ශ‍්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන මුදල්ය. මෙම විදෙස් ශ‍්‍රමිකයින් අතුරෙන් මැදපෙරදිග ගෘහ සේවය සඳහා යොමු වී ඇති පිරිස අති විශාල වන අතර එමගින් ශී‍්‍ර ලංකාවේ ආර්ථීකයට විශාල ශක්තියක් ලබා දෙනු ලබයි. විශේෂයෙන් මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා කාන්තාවන් විදෙස්ගත කිරීමේදී රජයේ අනුමත ක‍්‍රියාවලියක් අනුව කටයුතු සිදු කෙරේ.

විදේශසේවා නියුක්ති කාර්යාංශය මගින් එම රටවල් ලබා දෙන රැුකියා කෝටාවන් පදනම් කරගෙන කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමු කරනු ලබයි. තත්ත්වය මෙසේ පැවතියද රජයේ අනුමත ක‍්‍රමයෙන් බැහැරව කාන්තාවන් සහ වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කාර දැරියන් විදෙස් ගත කිරීමේ මහා මිනිස්
ජාවාරමක් දකුණු පළාත තුළ කාලයක සිට සිදුවන බව ජනතාව පවසති.

මෙම මිනිස් ජාවාරම සඳහා ප‍්‍රාදේශීය වශයෙන් තැරැුව්කරුවන් සිටින අතර ඔවුන් මගින් විදෙස්ගත කිරීම සඳහා පිරිස් සොයා ගනු ලබයි. නිවෙසටම පැමිණෙන මොවුන් විදේශ රැුකියා සඳහා කාන්තාවන් සොයන අතර කාන්තාවන් සොයා දෙන්නන් හටද රුපියල් තිස්දහස බැගින් ලබා දීම සිදු කර තිබේ. මෙම මිනිස් ජාවාරම සඳහා බොහෝවිට ගොදුරු වන්නේ නියමිත සුදුසුකම් සපුරා නොමැති කාන්තාවන් වීම විශේෂත්වයකි.

විදේශසේවා නියුක්ති කාර්යංශය මගින් විදේශ රැුකියා සඳහා යොමු කරනු ලබන්නේ නියමිත සුදුසුකම් සපුරාලනු ලැබූ පිරිස් පමණි. එහෙත් මෙම තැරැුව්කරුවන් එම කිසිඳු සුදුසුකමක් පරීක්‍ෂා කිරීම සිදු කරන්නේ නැත.ගෘහ සේවය සඳහා විදෙස්ගත වන කාන්තාවන් සඳහා අනිවාර්ය පුහුණුවක් රජයෙන් ලබා දෙන අතර එවැනි යමක් මෙම ජාවාරම්කරුවන් සිදු කරනු නොලබයි. වයස අවුරුදු දහ අටට බාල වයස්කරුවන්, විවිධ රෝගාබාධ ඇති කාන්තාවන්, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් ආදී  ඕනෑම අයකු ගෘහ සේවය සඳහා විදෙස් ගත කිරීමට ඔවුන් සූදානම්ව සිටීමෙන් පෙනී යන්නේ මෙම ජාවාරම් කරුවන්ගේ ප‍්‍රධාන අරමුණ කෙසේ හෝ මුදල් ඉපයීම බවයි.

මැදපෙරදිග රටවල ගෘහ සේවය සඳහා පිටත් කරලීමට එක් අයකුගෙන් රුපියල් අසූ දහසක පමණ මුදලක් මෙම ජාවාරම් කරුවන් විසින් අය කරගෙන ඇත. මෙම පිරිස් කාන්තාවන් වසර දෙකක කාලයක් රැුකියා කිරීම සඳහා වීසා නිකුත් කරන බවට පවසමින් මාස තුනක සංචාරක වීසා මත විදේශගත කරමින් මෙම ජාවාරම කරගෙන යනු ලබයි.
මෙහි තවත් පැතිකඩක් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේද යම් ¥ෂිත පිරිසක් මෙම මිනිස් ජාවාරම සඳහා උදව් උපකාර කිරීම සඳහා සැදී පැහැදී සිටීමයි. ගුවන්තොටුපළ ආරක්‍ෂක අංශය සහ අදාල නිලධාරීන්ගේ පරීක්‍ෂා කිරීම් වලින් මිදීම සඳහා එම පිරිස් වෙත රුපියල් 150000 ක පමණ මුදලක් ලබා දීම මෙම ජාවාරම් කරුවන් සිදු කර ඇත. ගුවන්තොටුපල පරිශ‍්‍රයෙන් බැහැරව ගුවන් යානය වෙත කාන්තාවන් යොමු කිරීම සඳහා මෙසේ මුදල් ලබාදීම නිරන්තරව සිදු වන්නකි.

මෙසේ විධිමත් පටිපාටියෙන් තොරව රහසිගතව ගෘහ සේවය සඳහා පිටත් වන කාන්තාවන් මැදපෙරදිග රටවල ඒජන්සි වෙත යොමු කරන අතර ඒ මගින් එම රටවල නිවාස වල සේවය සඳහා කාන්තාවන් යොමු කරනු ලබයි. බොහේ අවස්ථාවල නිවෙස් හිමියාගෙන් විශාල මුදලක් මෙම ඒජන්සි හිමියන් ලබා ගන්නා අතර සේවය සඳහා යොමු කළ කාන්තාවන්ට නිවෙස් හිමියා වැටුප් ගෙවා ඇත්තේ එම ලබා දුන් මුදල අඩු කරගැනීමෙන් පසු ඉතිරි වූ සොච්චමකි.

මෙම මිනිස් ජාවාරම පිටුපස විශාල පිරිසක් සිටින අතර මැදපෙරදිග රටවල් හා සම්බන්ධතාවය පවත්වාගෙන යමින් කාන්තාවන් නීති විරෝධී ලෙස විදෙස් ගත කිරීම සඳහා කොළඹ 03, කොටිකාවත්ත ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් සෘජුවම සම්බන්ධ වී කටයුතු කරනු ලබයි. විදෙස් ගත කිරීමෙන් පසු මෙම කාන්තාව තමන්ට ඇතිව තිබෙන ගැටලූ පිළිබඳ කිසිවක් සොයා නොබලන බවට විදෙස්ගතවූ කාන්තාවෝ චෝදනා කරති.

මේ වන විට මෙම නීති විරෝධී ලෙස සංචාරක වීසා මත මැද පෙරදිග රටවල ගෘහ සේවය සඳහා පිටත්ව ගිය අති විශාල කාන්තාවන් පිරිසක් අන්ත අසරණ තත්ත්වයට පත්ව ලංකාවට නැවත පැමිණීමට නොහැකිව දැඩි අසීරුතාවයට පත්ව සිටිති.

විශේෂයෙන් විවිධ රෝගාබාධ සහිත කාන්තාවෝ අතිශය දුකට පත්ව සිටිති. එම කාන්තාවන් නිවෙස් හිමියන් විසින් නැවත ඒජන්සි වෙත ගෙනවිත් දැමුවිට ඒජන්සි කරුවන් ඔවුන් ලංකාවට යැවීමට ලක්‍ෂ පහ බැගින් ඉල්ලා සිටී. බොහෝවිට රෝගී වූ කාන්තාවන් ලංකාවට එවීම වෙනුවට ඔවුන්ව වෙනත් නිවසක සේවය සඳහා යෙදවීම සිදු කරනු ලබයි.

මෙසේ අසරණ තත්ත්වයට පත්ව ඇති කාන්තාවන් පිළිබඳ ඥාතීන් විසින් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළද පලක් වී නොමැත. නියමිත ක‍්‍රමයෙන් බැහැරව නීති විරෝධීව විදේශ ගතවී ඇති බැවින් ඒ පිළිබඳ වගකීම තමන්ට ගත නොහැකි බව එම කාර්යංශය ඥාතීන්ට දන්වා ඇත. ඔවුන් පවසා ඇත්තේ ලක්‍ෂ පහක මුදල ගෙවා විදෙස් ගතව ඇති පිරිස් ගෙන්වා ගන්නා ලෙසයි.

මෙසේ මිනිස් ජාවාරම් කරුවන්ට හසු වී ගෘහ සේවය සඳහා නීති විරෝධීව විදෙස් ගතව,අසරණ වී ඇති තම දියණිය ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව කරන්දෙණිය, උණගස්වල ප‍්‍රදේශයේ දෑස් නොපෙනෙන මවක් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.

ඇයගේ දියණිය ආර්ථික අපහසුතා හේතුවෙන් දහසක් බලාපොරොත්තු සහිතව මෙම ජාවාරම්කරුවන් මගින් නීති විරෝධීව ගෘහ සේවය සඳහා විදෙස් ගතවී ඇත්තේ පවතින රෝගී තත්ත්වය නිසා රජයේ ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි නිසාවෙනි.


www.rivira.lk

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka