Saturday, October 14, 2017

‘‘අසහනයෙන් ඉන්න ගැහැණියකගේ ඉරණම ගැන හොඳ පණිවුඩයක් දුන්නා.“ - ගයනා සුදර්ශනී

මේ දවස්වල වැඩිය පෙන්නෙ නැතිවුණත් ගයනා අතීතයේ තමන් රංගනයෙන් දායක වුණු හැටි සති අන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

ආ දැන් ගයනා ජිම් යන්න පටන් අරන් වගේ..? අලුත් වැඩකින් වෙනසක් පෙන්වන්නද හදන්නෙ..?

මම ජිම් යනවා මගේ මහත්තයා එක්ක. ශරීරය ගැනත් හිතන්නැතුව බෑනේ. නොවැම්බර් මාසේ අලුත් ටෙලි නාට්‍යයක වැඩ කරනවා. ඒකටත් පොඩ්ඩක් ඇඟ වෙනස් කරන්න වුණා.

ගයනා සුදර්ශනී නිෂ්පාදකවරියක් වෙන්න කලින් හිටපු නිළියට මොකද වුණේ..?

ඒ නිළිය තාමත් ඉන්නවා. නිෂ්පාදන වැඩකටයුතු කරන්නෙ මගේ මහත්තයා. මම සහය වෙනවා. එක ටෙලි නිර්මාණයක් අවසන් කළාට පස්සෙ තමයි අපි තව නිර්මාණයක් කරන්නෙ.

ඒ දවස්වල නාට්‍යවල ඉන්නවා අපි දැක්කා..?

ආපු මුල් කාලේ අපිට ලැබෙන්නෙ පෙම්වතියගේ චරිත. අනෙක් ඒ කාලේ කොටස් 15-20 හැම නිර්මාණයක්ම ලස්සන නිර්මාණ. අද වගේ තිබ්බා ගැහුවා නෙවේ. ඉතිං මගේ ඒ කාලේ මට ලොකු භාග්‍යයක්. 96 තමයි මම පෙම්වතිය චරිතයෙන් මිදුණෙ.

ගයනා සුදර්ශනීට සුදර්ශනීට සිනමාවට පාර හැදුණෙ කොහොමද..?

සිනමාපටවලට සම්බන්ධ වුණා අඩුයි. ඒත් මට ඇඟට දැනෙන චරිතයක් ලැබුණෙ නැහැ. මම කණගාටු වෙනවා සිනමාව පැත්තෙන් මගේ දක්ෂතව පෙන්නන්න බැරිවුණ එක ගැන.

ඔය අතරේ වැඩිහිටියන්ට පමණයි ලේබල් එකෙන් ආපු චිත්‍රපටවලටත් රඟපෑවා නේද..?

ඔව් මම සුදත් රෝහණගේ චිත්‍රපටයකටත් සම්බන්ධ වුණා. දොරකඩ මාරාව, සුදු කළුවර, ඉන්ද්‍රඛීලය, හෙළ ළඟ, මමත් ගැහැණියක්, සළුපට අහසට. ඒ අතරින් සමහරක්.

එහෙම අඩ නිරුවතින් රඟපානවාට ගෙදරින් කැමති වුණාද..?

ඒ අවබෝධය ගෙදර පවුලෙ අයට තිබුණා. පවුලේ අයට ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් විදිහට නිර්මාණය වුණේ. මමත් ගැහැණියක්, සළුපට අහසට, හොඳ කතාවක්. හරයක් පණිවුඩයක් තිබුණා. ඒ වගේම නිර්මාණ කළා කියලා මට ප්‍රශ්න ආවේ නෑ. මම කළේ චරිතයක් විතරයිනෙ. කලා ශිල්පිනියක් වුණාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.

ලකී ඩයස් එක්ක කරපු වැඩේ ගැන කියමුද..?

මම ලකී ඩයස් එක්ක රඟපෑවේ සළුපට අහසට චිත්‍රපටයේ අසහනයෙන් පෙලෙන ගැහැණියක් සම්බන්ධ කතාවක්. අසහනයෙන් ඒ ගැහැණියට අත්වන ඉරණම සමාජයට හොඳ පණිවුඩයක් දුන්නා.

අනූෂා සොනාලි සමගත් චිත්‍රපටවලට වැඩිහිටි දර්ශන රඟපෑවා නේද..?

ඇය දක්ෂ නිලියක්. ලොකු සහායක් දුන්නා චරිතය ගොඩ නගා ගන්න. අපි දෙන්නට දෙන්නා උපරිමයෙන් එකමුතුව රඟපෑවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka