දකුණු පළාතේ සිට වෙරළාසන්න මාර්ගයේ අගනුවර බලා යන බස් රථයක සිදුවූ අපූරු සිදුවීමක් මුද්‍රිත මාධ්‍යය වාර්තා කර තිබේ.
මෙම බස් රථය ගමන් කරමින් සිටියදීම එහි වාඩිවී සිටි මගියකු එක්වරම සිය අසුනින් නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑයෙක්’ යැයි කෑ ගසා තිබෙන්නේ බස් රථයෙ ගමන් කරමින් සිටි සියලූම දෙනාගේ අවදානය ඒ වෙතට යොමු කරමින්ය. ඉන්පසු බස් රථයේ කොන්දොස්තරවරයා වහා එතැනට පැමිණ තිබේ. රියැදුරාද බස් රථය මාර්ගයේ පසෙකට කොට නතර කළේය. සැවොම එක්වී පරීක්ෂා කළ නමුත් පත්තෑයෙකු හෝ වෙනත් සතෙක් දැක ගැනීමට නොහැකි වී තිබේ. නමුත් මෙම මගීයා ‘මගේ කකුල පහුරු ගෑවා’ යැයි නැවතත්
කියා තිබෙන්නේ සිය පාදයේ ඉහළ කොටස අතාගාමිනි.මෙම බස් රථය ගමන් කරමින් සිටියදීම එහි වාඩිවී සිටි මගියකු එක්වරම සිය අසුනින් නැගී සිට ‘පත්තෑයෙක්, පත්තෑයෙක්’ යැයි කෑ ගසා තිබෙන්නේ බස් රථයෙ ගමන් කරමින් සිටි සියලූම දෙනාගේ අවදානය ඒ වෙතට යොමු කරමින්ය. ඉන්පසු බස් රථයේ කොන්දොස්තරවරයා වහා එතැනට පැමිණ තිබේ. රියැදුරාද බස් රථය මාර්ගයේ පසෙකට කොට නතර කළේය. සැවොම එක්වී පරීක්ෂා කළ නමුත් පත්තෑයෙකු හෝ වෙනත් සතෙක් දැක ගැනීමට නොහැකි වී තිබේ. නමුත් මෙම මගීයා ‘මගේ කකුල පහුරු ගෑවා’ යැයි නැවතත්
එවිට එම අසුනේ ඔහු අසල වාඩිවී සිටි තරුණයා සිය කලිසමට අත දමා ජංගම දුරකතනය ගත්තේ සිනාසෙමිනි. ‘මම කෝල් එකක් එන කොට දැන ගන්න වයිබ්‍රේෂන් දමල තිබුණේ, මගේ කකුලට තෙරපිලා හිටපු නිසා ඒක දෙදරණ කොට කකුල පහුරු ගෑවා කියලා හිතන්න ඇති. දැන් කෝල් එකක් ආවා' ඔහු පැවසුවේ බස් රථයේ සිටි සියලු දෙනා සිනා සයුරේ ගිල්වමිනි.
මගීහු එකිනෙකා දෙස බැලූහ. සිනාසුනහ. පත්තෑයේක් දෂ්ඨ කළා යැයි සිතූ මගියා යළි අසුන් ගත්තේ ළඟ සිටි තරුණයා දෙස රවා බලමින්ලූ.
(under the courtesy of nethfm news web)