ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරුවේ මෙරටට ඇතුළුවන ලකුණු

0

ගැඹුරු පීඩන අවපාතය හෙට (ජන. 9) පස්වරුවේ හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (ජන. 8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

මේ හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද යන පළාත්වලට හෙට මි.මී. 150ත් 200ත් අතර වැසි ඇතිවිය හැකි බව අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

“විශ්ලේෂණවල පෙන්නුම් කරන ආකාරයට මෙම පද්ධතිය බොහෝ විට හම්බන්තොටත් කල්මුණෙත් අතරින් හෙට දිනේ සවස් යාමය වන විට පහ හමාරත්, එකොළහ හමාරත් අතර පරාසය තුළ ඇති දිවයින තුළට ඇතුළු වෙන්න පුළුවන්.

“අද දිනේ සිට වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. එතකොට මේ වර්ෂාපතනය වැඩිවීම තියෙන්නෙ වැඩි හරියක් නැගෙනහිර ඌව වගේ පළාත්වල. සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් ඇතිවෙන්න පුළුවන්. මේ පද්ධතිය හේතුකොටගෙන දිවයින තුළ සුළං තත්ත්වය වැඩි වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මධ්‍යම කඳුකරේ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂයෙන්ම බටහිර බෑවුම තුළ සහ දකුණු පළාතේ මේ සුළං වේගයේ වැඩිවීම සාපේක්ෂව අඩුවක් ති. හැබැයි අනෙකුත් සියලුම පළාත්වල විශේෂයෙන්ම කොළඹ වගේ ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවෙන්න පුළුවන්.”

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!