දෙවුන්දර වෙඩි තැබීමක්: දෙදෙනෙක් මරුට

0

ගන්දර පොලිස් වසමේ සිංහාසන පාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (මාර්තු 21) රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් එම පුද්ගලයන් සිද්ධිය වූ ස්ථානයේදී ම මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 28 හා 29 වයස්වල පසුවන දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

පොලිසිය පැවසුවේ, වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් පැමිණි බවට සැකකරන වෑන් රථයක් ගන්දර, වැල්ලමඩම හන්දියේදී ගිනි තබා තිබියදී සොයා ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!