ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ, මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පවසයි.
කටුනායක ගුවන්තොටුපළෙන් මෙම ජෙට් යානය ගුවන්ගත කර ඇති බව ත් එම යානයේ ගමන් කළ නියමුවන් දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ ඉන් ආරක්ෂිතව ඉවත්වී ඇති බව ත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසුවේ, මේ වනවිට හෙලිකොප්ටර් දෙකක් අදාළ සිද්ධිය වූ ස්ථානයට ගොස් ඇති බව ය.
මෙම අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු සඳහන් කළේ ය