අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

0
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (මාර්තු 21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 45ක් හිමි විය.

ඒ අනුව, වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත විය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පෙබරවාරි 17 වන දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් පසු එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 46කි.

Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!