‘මගනැගුම’ මුදල් අයථා පරිහරණ සිද්ධියට තවත් සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගන්න විමර්ශන

0

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දෙමින් රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් දෙදෙනාට අමතරව මගනැගුම සමාගමේ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (පෙබ. 27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දැන්වීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා හා අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් සිව් දෙනා මග නැගුම ව්‍යාපෘතිය සඳහා යොදවා තිබූ යන්ත්‍ර සූත්‍ර ඇතුළු උපකරණ නීත්‍යානුකූලව නොවන ආකාරයට කළුගල් කැඩීමේ ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇති බව ත් ඉන් ලැබෙන ලාභය එම සැකකරුවන් අතර බෙදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවා බවට හඳුනාගෙන ඇති පුද්ගලයා මිය ගොස් ඇති බවට කරුණු හෙළිවී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

මග නැගුම හිටපු නිලධාරීන් වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අබේසිංහ අධිකාරී සහ අතිරේක සාමාන්‍යාධිකාරියේ මුදල් අනගිපුරගේ මයිකල් නැමැති සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසීය.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 2012 සහ 2015 අතර කාලය තුළදී රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට අධාර අනුබල දෙමින් ව්‍යාපෘති සඳහා ව්‍යාජව මුදල් වෙන්කර ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ත් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් පොදු දේපළ පනතේ 386 (5) 1 වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් බව ත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් මගින් අද (පෙබ. 27) අධිකරණයට ඉදිරිපත් කළේ ය.

සැකකරුවන් දෙදෙනා අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් ඔවුන්ට ඇප නියෝගයක් ලබා දෙන ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරට ත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට එම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් දෙදෙනා මාර්තු මස 3 දින දක්වා තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා ය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරියන් වන අචනී උමයංගනා, මහේෂිකා කොස්වත්ත ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
Under the courtesy of ceylontoday.lk
ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!