අන්තර් ජාත්‍යන්තර පාසල් 15න් පහළ ක්‍රිකට් ශූරතාව පානදුර ලයිසියම් දිනා ගනී

0

















2025 අන්තර් ජාත්‍යන්තර පාසල් වයස අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම සමත් විය.

ඒ, පෙබරවාරි 7 වන දා පානදුර කියොන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි.

පන්දුවාර 25 ලෙස පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වත්තල ලයිසියම් කණ්ඩායම පන්දුවාර 24කදී සියලු කඩුලු දැවී ලකුණු 116ක් රැස් කළේ ය.

එහිදී, ශෂිඳු විස්මිත ලකුණු 41ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී පන්දුවාර 5කදී ලකුණු 13ක් පමණක් ලබා දී කඩුලු 5ක් බිඳ හෙළීමට පානදුර ලයිසියම් කණ්ඩායමේ සිතුමිණ හීන්දෙනිය සමත් විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් පානදුර ලයිසියම් කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 121ක් රැස් කරමින් තරගාවලියේ ශූරයින් බවට පත්විය.

ආරම්භක පිතිකරු නෙසිත් පෙරේරා නොදැවී ලකුණු 54ක් රැස් කළ අතර නායක මනීෂ මඩපාත නොදැවී ලකුණු 29ක් රැස් කළේ ය.

තරගාවලිය පුරා තරග 5කදී ලකුණු 204ක් රැස් කරමින් අවසන් තරගයේදී අර්ධ ශතකයක් රැස් කළ නෙසිත් පෙරේරා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර විය.

අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානය හිමි කර ගත්තේ, කඩුලු 5ක් බිඳ හෙළූ සිතුමිණ හීන්දෙනිය යි.

under the courtesy of ceylontoday.lk


ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!