පුටින්ට පුතාලා දෙදෙනෙක්ඉන්නවා ලු

0


රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්ට පුතුන් දෙදෙනකු සිටින බව විදෙස් මාධ්‍ය හෙළි කර ඇත. නමුත් මෙය ජනපති පුටින් විසින් රහසක් ලෙස තබාගෙන සිටී.

2015 හා 2019 මේ දරු දෙදෙනා උපත ලබා ඇත. 2015 උපන් පුතුට අයිවන් ලෙස නම් තබා ඇති අතර 2019 උපත ලැබූ දරුවා ව්ලැදිමීර් ලෙස නම්කර තිබේ.

මොවුනගේ මව වන්නේ ඔලිම්පික් ක්‍රීඩිකාවක වූ ඇලීනා තබයේවා ය.මේ තොරතුරු මුලින්ම හෙළිකර ඇත්තේ රුසියානු වෙබ් අඩවියක් මගිනි.

මේ පුතුන් දෙදෙනා සහ ඇලීනා මහජනතාව ඇසනොගැසෙන සුපිරි මන්දිරයක ජීවිතය ගෙවති. ඔවුන්ට පියා හමුවන්නේ රාත්‍රියට පමණි.

මේ දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබාදීමට වෙනම ගුරුවරු ඔවුන්ගේ නිවසටම පැමිණෙති. මේ දරුවන්ට මිතුරන් මුණගැසීමට අවස්ථාවක් නැත.

මෙම වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත්තේ පුටින්ගේ වැඩිමහල් පුතු වන අයිවන්ගේ ඡායාරූපයක් තමන් සතුව ඇති නමුත් එය සදාචාරාත්මක හේතු මත ප්‍රසිද්ධ නොකරන බවයි.

පෙර විවාහයෙන් පුටින්ට දියණියෝ දෙදෙනෙක් ද සිටීති. නමුත් ඔහු සිය පළමු බිරිය වූ ලුද්මිලාගෙන් 2013 දී දික්කසාද විය.

ssssss

Post a Comment

0Comments

Post a Comment (0)

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Now
Ok, Go it!