Monday, May 8, 2023

කළුතරදී හමු වූ පාසල් සිසුවියගේ මළ සිරුර: තවත් සැකකරුවෙක් අත්අඩංගුවට -video

දකුණු පාදයේ සහ වම් පියයුරේ දත් පහරවල්

තාවකාලික නවාතැන්පොළක පස් මහල් ගොඩනැගිල්ලක “තුන්වන මහලින් ඇදවැටුණු” පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිය ගිය පාසල් සිසුවිය සහ තව ත් තිදෙනෙකු හෝටලයට පැමිණි මෝටර් රථය රැගෙන යාමට ආ පුද්ගලයෙක් බව ය.

මියගොස් ඇති සිසුවිය කළුතර, නාගොඩ රෝහල අසල පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක බවට ඇයගේ මවුපියන් හඳුනා ගෙන තිබේ.

තරුණියකගේ නිරුවත් මළ සිරුරක් දුම්රිය මාර්ගය අසල වැටී තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය පස් මහල් ගොඩනැගිල්ල පිටුපස දුම්රිය මාර්ගයට ආසන්නයේ උඩුබැලි අතට වැටී තිබියදී මළ සිරුර සොයා ගෙන ඇත.

මියගොස් ඇති සිසුවිය එදින පස්වරුවේ තව ත් තරුණ යුවළක් සහ තරුණයෙකු සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටි තාවකාලික නවාතැන්පොළක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය කීය.

සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ ඇයගේ මළ සිරුර සොයාගන්නට විනාඩි 30කට පමණ පෙර නවාතැන්පොළෙන් පිටව ගොස් ඇති අතර ඇය සමග පැමිණි බව කියන තරුණයා කාමරයෙන් බැහැරව සිට ඇති බව ත්, ඔහු සොයා පරීක්ෂණ කරන බව ත් පොලිසිය සඳහන් කළේ ය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පරීක්ෂණ කරන ලද අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය කිරීමට නියමිතය.

තරුණියගේ හිස, ගෙළ, ළැම සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැළීම් තුවාල දැක ගැනීමට හැකිවූ බව පරීක්ෂණ සිදු කරන නිලධාරීයෙක් කීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔවුන් සමග ලැගුම්හලට ඇතුළු වූ අනෙක් යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සමග එකට ගිය තරුණයා සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කීය.

ඒ අනුව, මේ වන විට සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද? නොඑසේ නම් සියදිවි නසාගැනීමක් ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂකරුවන් විජේසිංහගේ ප්‍රධානත්වයෙන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

   
 under the courtesy of ceylontoday.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka