Monday, May 8, 2023

රක්ෂණ මුදල් ගන්න බිරිඳව මැරූ තරුණ සැමියා රිමාන්ඩ්

රුපියල් කෝටි 3ක් වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිඳව ඝාතනය කළ තරුණයා එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් දුමින්ද ලේල්වල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඊයේ (06) එම නියෝගය ලබාදී ඇත.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ "සුරනිමල" ඇතුමලේ, ගාල්ල ලිපිනයේ පදිංචි දිනිත් සදීර පණ්ඩිත නැමැති 25 හැවිරිදි අයෙකි.

පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා තම මිත්‍රයෙකු යොදවා රිය අනතුරක් සිදුකර එම කාන්තාව ඝාතනය කර ඇති බවය.

පිටිගල මානම්පිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගය අයිනේ රැඳීසිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

ජීප් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී තිබූ අතර පසුව එය පැදවූ පුද්ගලයා ජීප් රථයත් සමග එම ස්ථානයෙන් පළාගොස් තිබුණි. 

අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 40 හැවිරිදි නිරෝෂා උදයංගනී නමැති කාන්තාවකි.

මියගිය කාන්තාවගේ 25 හැවිරිදි සැමියා ඇය සමග අනතුර සිදුවූ ස්ථානයට යතුරුපැදියකින් පැමිණ ඇති අතර ඔහු ඇයව එම ස්ථානයේ බස්සවා ඇයගේ හිස් ආවරණයද රැගෙන ගොස් ඇත්තේ එය ලබාගත් පුද්ගලයාට දීමට අවශ්‍ය බව පවසමිනි.

ඉන් පසුව එම ස්ථානයේදී අතරතුර සිදුවී ඇත.

පසුව ඒ පිළිබඳව පිටිගල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කළ අතර පළමුව අනතුර සිදුකළ ජීප් රථය සොයාගෙන තිබුණි.

සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ජීප් රථය කුලී පදනම මත මියගිය කාන්තාවගේ සැමියා හා ඔහුගේ මිතුරෙකු විසින් ලබාගෙන ඇති බවය.

අනතුරුව පොලීසිය විසින් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ, මියගිය කාන්තාවගේ සැමියාගේ උපදෙස් මත රියඅනතුර සිදුකර ඇති බවය.

මීට මාස 10කට පමණ පෙර ඔවුන් දෙදෙනා විවාහවී ඇති බවත් අනතුරුව අදාළ කාන්තාව ඝාතනය කිරීම සඳහා තමා සැලසුම් කළ බවත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

සංවිධානාත්මකව ඔහු විසින් තම බිරිඳව ඝාතනය කර ඇත්තේ, ඇය විදෙස්ගත සිටියදී උපයාගත් මුදල් ලබාගැනීම සහ ඇයගේ ජීවිත රක්ෂණ 3 සතුව ඇති රුපියල් කෝටි 3ක පමණ මුදල ලබාගැනීමට බවත් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය අනාවරණ කරගෙන ඇත.

මේ අතර රිය අනතුර සිදුකිරීම සඳහා පැමිණි ජීප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka