Monday, May 8, 2023

අනුරාධපුර රෝහලේ නේවාසික රෝගියෙකු කපා කොටා මැරූ ප්‍රධාන සැකකරු දෙමටගොඩදී අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු, අමානුෂික අයුරින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඝාතකයා සහ ඊට අනුබල දුන් පුද්ගලයෙකු පෙරේදා (6දා) කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චියේ විහාර පෙදෙසේ පදිංචි, 27 හැවිරිදි පුද්ගලයෙකු සහ කෝණ කුඹුක්ගොල්ලෑව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සන්තකයේ තිබී ඝාතනය සඳහා භාවිතා කළ පිහියක්, ජංගම දුරකථනයක්, සිම් පතක්, ඝාතනය සිදුකළ අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සඟවා තිබීයදී අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන මෙහෙය වූ අතර අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාම මහතා යටතේ ක්‍රියාත්මක වන නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයට ගොස් ‘සහස්පුර‘ මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සැඟව සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් 26 දා, මැදවච්චියේ නගරාසන්නයේ දී කාන්තාවන් ඇතුළු පුද්ගලයන් පිරිසක්, පුද්ගලයෙකුට පොලු‍ මුගුරුවලින් පහරදීම හේතුවෙන් බර පතළ තුවාල ලැබූ පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර, මහාචාර්ය ඒකකය සිව් වන මහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඝාතනයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.

මෙම ඝාතන සිද්ධිය සහ ඊට පෙර සිදු වූ පහරදීම සම්බන්ධ සියලු‍ සැකරුවන් සහ සැකකාරියන් හෙරොයින් මත්කුඩුවලට සම්බන්ධ අයවලු‍න් බවත් මරණකරු සහ ඝාතකයා යන දෙදෙනා මිතුරන් බවත් පොලිසිය කියයි.

මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු සහ ඝාතනයට පැමිණි ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පොලිසිය සඳහන් කළේය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, අනුරාධපුර මූලස්ථාන ප්‍ර.පො.ප කපිල අධිකාරි, අපරාධ අංශයේ ප්‍ර.පො.ප වික්‍රමාරච්චි, යන මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක බාලසූරිය, පො.සැ. ඩග්ලස් (37292), පො.සැ. ජානක (33910), පො.සැ.රි උද්දික (33661) ඇතුළු නිලධාරීහු පිරිසක් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

මිහින්තලේ – රංග චතූ 

under the courtesy of divaina.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka